IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගමන මෙතැනින් නතර කළොත් කඩා වැටීම ෂුවර්

(අංජුල මහික වීරරත්න)

කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එබැවින් මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගතයුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ Ask Ranil වැඩසටහනට පසුගියදා එක්වෙමිනි.

පසුගිය වසර 75ක කාලය තුළ සිටි පාලකයන් රටේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදු කර නොමැති බවට ඇතැම් පාර්ශ්වයන් චෝදනා කළත් එය නිවැරදි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වූයේ දේශීය ආර්ථිකයක් ගැන කථා කරමින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා බවද කියා සිටියේය.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා විශාල කණ්ඩායමක් තමා සමඟ එක්ව සිටින බවත් එබැවින් තමා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළේය.



අදහස් (19)

ගමන මෙතැනින් නතර කළොත් කඩා වැටීම ෂුවර්

nalaka Monday, 19 August 2024 08:34 PM

මළොත් රට ඉවරද...? අනේ යන්න මෙයා... පිනක්, දහමක් කර ගන්න ...

:       0       0

Ranjith Monday, 19 August 2024 09:16 PM

කමක් නෑ රනිලෝ... ඔබත් මේ ගමන ගෙදර නතර වෙන්න... ඔබල‍ාව නඩත්තු කරන්න දුප්පත් අපිට අවශ්‍ය නෑ. රටේ සංවර්ධනය අපි බලාගන්නම්..

:       0       0

පිටරැටියා Monday, 19 August 2024 09:30 PM

මහබැන්කු හොරකම නොකළා නම් ආර්තිකය ගොඩදාන්න තිබුණා...

:       0       0

Ratne Monday, 19 August 2024 09:31 PM

මහබැංකු හොරාට මේක දාලා යන්න හිත නෑ වගේ...!

:       0       0

Prabath Monday, 19 August 2024 09:55 PM

මේ තමයි ඇත්ත. කිසි දවසක වැඩක් කරන්න දෙන්නේම නෑ. හැමදාම ස්ට්‍රයික්. රට කෑවේම මේ ජේවීපී කාරයින් තමයි. දැන් වසර 75 ක් ගැන කතා කරනවා. ජවිප කාරයින් රට පස්සට අරන් ගිය වසර 65ක්...

:       0       0

විජිත් Monday, 19 August 2024 11:29 PM

ඔව් ඔව් ..ජනතාව තමන්ගේ අනාගතය ගැන සිතලා නිවැරැදිම තීන්දුව ගන්නවා නිසැකවම. ඒ තමයි ජාතික ජනබලවේගය බලයට පත්කරගැනීම. මාලිමාවට ජයවේවා!!! මාලිමාවට ඡන්ද කෝටියක්... අපිනේ ඡන්දෙ දෙන්නේ....

:       0       0

Ramani Tuesday, 20 August 2024 01:53 AM

හඳ කාලෙට, පොහොයට විකාර කරන එක වැඩිවෙනවාලු. කටට එන ඕනෑ දෙයක් කියලා දානවා. මේ දවස්වල මෙයාට අංගොඩින් දුන්නු රෝසපාට බෙහෙත් පෙත්ත ගන්නවත් අමතක වෙලා. මොනවා කිව්වත් අසන්නා බුද්ධිමත් වියයුතුයි. ලබන මාසේ 22 වෙනිදා සිට පිස්සන් කොටුවේ නේවාසික පහසුකම් සලසන්න දැනටමත් සූදානම්...

:       0       0

Saman Tuesday, 20 August 2024 02:49 AM

අස්වැන්න , නොව කුඹුර විකුණන් කෑමේ ප්‍රතිපතියේ දිගින් දිගටම කරගෙන ගොස් , දැන් මේ මොහු කියනවා විපක්ෂයේ ප්‍රතිපතිය නිසා රට ආර්ථික බිදවැටුණි බව , මෙවෙන්නන්ගේ ප්‍රකාශ උදැසන කෙල පිඩක් සේ බැහැර කරමු

:       0       0

යස්සයා Tuesday, 20 August 2024 03:31 AM

මුගේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය තමයි රටේ වටිනාකමක් තියෙන ඕන දෙයක් විකුණන එක. වෙන කරන්න දෙයක් දන්නේ නැහැ. මේ බොරු වලට රැවටෙන්න මිනිස්සු ලංකාවේ දැන් නැහැ

:       0       0

Ashan Tuesday, 20 August 2024 05:35 AM

මෙයාගේ ආර්ථික දැක්ම ණය ගැනීම සහ රාජ්‍ය සම්පත් විකිනීම පමණයි. අවු. 47 ක් පාර්ලිමේන්තුවේ ඉඳල, පස් වතාවක් අගමැති වෙලා ඔය කියන ආර්ථික වැඩපිලිවල නොකලේ ඇයි? රජයේ සහ එජාපයේ හොරු සෙට් එකම හවුල් කරන් රට හදයි කියල හිතනවානම් රටට අබ සරණයි

:       0       0

අශෝක Tuesday, 20 August 2024 05:53 AM

රනිල් යහපාලනය කාලේ රට දියුණු කරපු හැටි අපි හැමෝම දැක්ක , රජය සේවයේ විශේෂයෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන වල ප්‍රශ්න විසදන්නේ නැතිව ලොක්ක කරේ එක එක දෙකයි පනහේ සමුළු හොයාගෙන ගෝලයෝ එක්ක ලෝකේ වටේ රවුන් ගහන එක , ඊටපස්සේ රට කරන්න මුදල් නැති උනහම සුදූ කාරයෙක් වගේ පෞද්ගලික ණය හිමියෝන්ගෙන් ගිනි පොලියට ණය අරන් මුළු රටම අමාරුවේ දැම්මා

:       0       0

Dayan Tuesday, 20 August 2024 06:44 AM

ඔහු නැතිවුණොත් ශ්‍රී ලංකාව ඉවර වෙනවාද?

:       0       0

Jagath Perera Tuesday, 20 August 2024 06:49 AM

මෙයා අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තුවේ... ඒත් රට බංකොළොත්...

:       0       0

නිමල් Tuesday, 20 August 2024 07:23 AM

ඉතින් ඔයත් පසුගිය අවුරුදු 70 න් සෑහෙන කාලාන්තරයක් බලය හෙබවූවා නේ. ඉතින් පුළුවන් නම් කියන්නකෝ මමත් වැඩ බැරි ටාසන් කෙනෙක් කියලා.

:       0       0

ජොන්ටි Tuesday, 20 August 2024 07:31 AM

"එබැවින් මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගතයුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය." "ජනතාව තම අනාගතය" මේ කියන්නේ රනිල් එයාගේ අනාගතේ ගැනද ? නැත්තං රටේ/ජනතාවගේ අනාගතේ ගැනද ?

:       0       0

Perera Tuesday, 20 August 2024 07:40 AM

රට බංකොලොත් ,මෙතනින් පහලට කොහාට කඩා වැටෙන්නද ?

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 08:05 AM

ඒක අපි බලාගන්නම් සීයා ගෙදරට වෙලා ඉන්නකෝ හොදේ...!

:       0       0

විපරමා Tuesday, 20 August 2024 12:33 PM

මහ බැංකු බැඳුම්කර, වන්චා කරලා ආර්තිකය බන්කොලොත් කරන්න දායක වෙචිචි අය කියන කතා වලට දෙකොනින්ම හිනායනවා...

:       0       0

WIMAL Tuesday, 20 August 2024 12:47 PM

ණය උගුලට ඔබතුමා අපිව එපා කියද්දිත් හිරකළා. මම දකින්නේ ලංකාවේම මිනිස්සුන්ව පලිහකට ගත්තු කෙනෙක් හැටියටයි. ණය උගුලේ සිරකරන්න එපා කියා පුරවැසියන් ලක්ෂ ගණනක් කීවා, ඔබට ඔය වැඩේට ජනමතයක් තිබුණද? තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site