IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ගාමිණී නවරත්නට සේවා දිගුව දීම වැරදිලු‘

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   ගාමිණී නවරත්න මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී එම් ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය.

චන්ද්‍රා ඒකනායක, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති  ගොනු කළ මෙම පෙත්සමෙන් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අගමැති , සහ  ජාතික පොලිස් කොමිසම වගඋත්තරුකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කර තිබියදී මෙවැනි තීරණයක් ගැනීම නීතිවිරෝධී බවත්, නවරත්න මහතාට මෙම සේවා දිගුව නොදුන්නේ නම් තමාට එම තනතුර හිමිකම් ලබන බවත් පෙත්සම්කරු කියයි.



අදහස් (0)

‘ගාමිණී නවරත්නට සේවා දිගුව දීම වැරදිලු‘

සුනිල් Wednesday, 22 July 2015 01:39 AM

මොනවද මේ වැඩ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

අමරේ Wednesday, 22 July 2015 02:47 PM

ගුණවර්ධන මහත වචානයේ පරිසමාප්තියෙන්ම අවංක දුෂණයෙන් තොර නිළධාරියකි .පොලිස්සියට අවශ්‍ය කෙනෙක් (අ)

:       0       0

නෆ්හාන් Wednesday, 22 July 2015 05:17 AM

ගාමිණී නවරත්න මහතා පොලිසියේ සිටිය යුතු වැදගත් අවංක දුෂණයෙන් තොර නිලධාරියෙක්. (ර)

:       0       0

සජිත් Wednesday, 22 July 2015 03:14 PM

මහින්දගේ අඳුරු සෙවනැලි තාමත් තියනව. (අ)

:       0       0

ඉෂාන් Tuesday, 21 July 2015 04:21 PM

යහපාලනේ වැඩ ටික කරගන්න විශ්වාසවන්තව ඉන්න ඕනෑ (ම)

:       0       0

වරුණ Wednesday, 22 July 2015 02:49 AM

සත්‍යා එක්ක මාත් එකඟයි (නි)

:       0       0

සරත් Wednesday, 22 July 2015 02:56 AM

පොලිසියේ සිටියයුතු වැදගත් නිලධාරියෙක් (නි)

:       0       0

සචුන් Wednesday, 22 July 2015 03:15 AM

පසුගිය කාලේ මේ වගේ නඩු ගැන හිතන්නවත් බැහැ. දැන් පොලිස් නිලධාරියකුට පුළුවන් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ නඩුවක ජනාධිපති වුණත් වගඋත්තරකරුවෙක් කරන්න. එක්තරා දුරකට යහපාලනය තිබෙන බව ඒකෙන් ගම්‍ය වෙනවා නේද? (ම)

:       0       0

විජිත් Tuesday, 21 July 2015 07:48 PM

ගාමිණී නවරත්න කියන්නේ ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න උගත් වැදගත් කාර්යශීලි දුෂණයෙන් තොර නිහතමානි මහත්මයෙක්. (නි)

:       0       0

කමල් පානදුර Tuesday, 21 July 2015 08:54 PM

තනතුරේ සදාකාලිකව රැ‍ඳෙන්න උත්සාහ ගන්න එපා. අලුත් අයටත් අවස්ථාව ලබාදෙන්න (නි)

:       0       0

නානයක්කාර Wednesday, 22 July 2015 04:02 AM

වැදගත් පුද්ගලයෙකු වශයෙන් ගාමිණී නවරත්න මහතාගේ‍ෙ සේවය තව වසර කීපයකින් වුවත් දීර්ඝ කල යුතුය. එහෙත් එම ක්‍රියාවෙන් තවත් නිළධාරියකුගේ මූලික අයිතිවාසිකම් කඩ නොවිය යුතුය. (ර)

:       0       0

අමල් Wednesday, 22 July 2015 04:15 AM

සත්‍යා එක්ක මාත් එකඟයි.(හේ)

:       0       0

දුමින්ද Wednesday, 22 July 2015 08:22 AM

වැරදි සහ නඩු වැඩිවීම යහපාලන ලකුණුද ? (ම)

:       0       0

සත්‍යයා Tuesday, 21 July 2015 11:06 PM

පසුගිය කාලේ මේ වගේ නඩු ගැන හිතන්නවත් බැහැ. දැන් පොලිස් නිලධාරියෙකුට පුළුවන් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ නඩුවක ජනාධිපති වුණත් වගඋත්තරකරුවෙක් කරන්න. එක්තරා දුරකට යහපාලනය තිබෙන බව ඒකෙන් ගම්‍ය වෙනවා නේද? (නි)

:       0       0

ශානක Wednesday, 22 July 2015 01:33 PM

පොලිසිය තාම ආණ්ඩුව අතේද ?නීති ගරුක නිළධාරින්ට තැනක් යහපාලනයෙන් දෙන් නැද්ද ? (අ)

:       0       0

ගාමිණි Wednesday, 22 July 2015 04:41 AM

මෙවන් උගත් බුද්ධිමත් පොලිස් නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට වෙනම ක්‍රමවේදයක් තිබිය යුතුයි. මෙවැනි සේවා දිගුවකින් තවත් කෙනෙකුගේ අවස්ථාව අහිමි නොවන පරිදි වෙනම ක්‍රමවේදයක් සකස් කළයුතුයි.(ම)

:       0       0

සුජීව Wednesday, 22 July 2015 01:59 PM

ගුනවර්ධන මහතා නීති ගරුක පොලිස් නිලදරියෙක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 162 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site