
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුශංක)
දරුවකු ප්‍රසූත කිරීම සඳහා මන්නාරම, රෝහල වෙත ඇතුළත් කළ මවක් හදිසියේ මියයාම පිළිබඳ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු, හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනකුගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මියගිය මව දරුප්‍රසූතියෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් රෝගීව මිය ගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ මන්නාරම , මුරුන්කන් පදිංචි මරියරාජ් සින්දුජා නමැති 27 හැවිරිදි උපාධිධාරිනියක වන අතර මිය යන විට ඇය දෙදෙරු මවක වූවාය.
කාන්තාව මියයෑම සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් විසින් මන්නාරම රෝහල් අධ්‍යක්ෂකවරයා, මන්නාරම පොලිසිය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.
රුධිරය වහනය වීම වෛද්‍යවරයාට දැන්වු පසු එය සාමාන්‍ය තත්වයක් බවට පවසා වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය මියගිය සිය දියණියට ප්‍රතිකාර කිරීම සිතාමතා පැහැර හැර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැබිනිය මිය ගියයැයි දොස්තර ඇතුළු 4ක් ගෙදර
සමන් විමල් Wednesday, 21 August 2024 05:33 PM
මරණය ගැන ඉතා කණගාටුයි. අනෙත් ප්‍රවෘත්තිය ඉතා ප්‍රිය ජනකයි...
Gihan Wednesday, 21 August 2024 07:09 PM
සේවය අත්හිටුවීම බොරුවට මිනිස්සුන්ව රවට්ටන්න කරපු තාවකාලික එකක්ද දන්නේ නෑ...