IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගිනි අවියක් සමග හිටපු එස් අයි මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අල්ලේ සඟවාගෙන යා හැකි කුඩා පිස්තෝලයක්, උල් පිහියක් සහ ජීව උණ්ඩ සමඟ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු මහරගම පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

සැකකරු සමඟ එම ගිනි අවියට යෙදිය හැකි ජීව උණ්ඩ 2 ක්, මිලිමිටර් 9 වර්ගයේ  උණ්ඩ තුනක් ,ව්‍යාජව සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් හා යතුරු පැදියක් ද පොලිසිය භාරයට ගෙන ඇත

මේ දිනවල රට තුළ විවිධ ප්‍රදේශයන්ගෙන් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම් වාර්තා විම සැලකිල්ලට ගෙන මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විශේෂ මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන පරික්ෂා කරමින් සිටී අවස්ථාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය පැවසීය.

මෙම පිස්තෝලය අඟල් 5"ක් පමණ දිගින් යුක්ත වන බවත් රිවෝල්වර ගිනි අවියකට සමාන එකක් බවත් පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා (61) වැනි වියේ පසුවන බවත් 1987 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් සේවයට බැඳී 1990 වර්ෂයේදී අසනීප හේතු මත පොලිස් සේවයෙන් ඉවත්වූ අයකු බවත් සිදුකළ විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.

සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ තමාගේ ආරක්ෂාව සඳහා මෙම රිවෝල්වරය සහ කිණිස්ස තබා ගත් බවත් වසර කිහිපයකට පෙර මාතර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙය මිලදී ගත් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම ගිනි අවිය කුමන රටක නිෂ්පාදනය කළ එකක්ද යන වග මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් එය සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකරන සිදුකරන බවත් පොලිසිය පවසයි.

මෙම පිස්තෝලය භාවිතා කර යම් අපරාධයක් සිදුකර ඇත්ත යන වග සෙවීම සඳහා ද පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.



අදහස් (1)

ගිනි අවියක් සමග හිටපු එස් අයි මාට්ටු

sharm warn Friday, 12 August 2022 11:15 AM

1990 සේවයෙන් ඉවත් වුනාට පස්සෙ ඔහු යෙදී සිටියෙ කුමන වෘතියකද? එකත් හොයල බලන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site