IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගින්න පසු ඒ - 9 පාර විවෘත කරයි

(ධම්මික ගුණවර්ධන)          

අකුරණ නගරයේ  අද (5) පෙරවරුවේ හටගත්   ගින්න හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස  වසා දමා තබූ මහනුවර  යාපනය  ඒ 9 මාර්ගයේ අකුරණ කොටස ගින්න මැඩවැත්වීමත් සමඟ පැය පහකට (පෙරවරු 6 සිට දහවල් 11 දක්වා) පසුව විවෘත කිරීමට ආරක්ෂක අංශ පියවර ගණු ලැබුණි.

නගර මධ්‍යයේ හෝටලයක් සමඟ පවත්වාගෙන ගිය බේකරියක ගෑස් සිලින්ඩරයක් පිපිරීමකින් හෝ හදිස්සි විදුලි කාන්දුවක් මත මෙම ගින්න ඇතිවන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි.

ගින්නෙන් සිව් මහල් පෞද්ගලික ජාත්‍යන්තර පාසලක් ඇතුලු ගොඩනැගිලි හතරකට දැඩි හානී සිදුව තිබේ.

මේ අතර මාර්ගය පුරා විසිරී තිබූ අබලි ද්‍රව්‍ය ඉවත්කොට මාර්ගය සෝදා හැරීමෙන් පසු මාර්ගය රථ වාහන හා මගී ජනතාවගේ ගමනා ගමනතමයට විවෘත කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.

කෙසේ නමුත්  ගින්නෙන් විනාශ වූ ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය තවදුරටත් මාර්ගයට කඩා වැටීමේ අවදානම හේතුවෙන් එම මාර්ගයේ අකුරණ ප්‍රදේශය පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රථ වාහන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.



අදහස් (1)

ගින්න පසු ඒ - 9 පාර විවෘත කරයි

Kawya Gunasekara Saturday, 06 July 2024 01:47 PM

සාධාරණ මිලගණන් සහිත රසවත් කෑම දුන්නු ව්‍යාපාරයක්... හරිම අපරාධයක්... කණගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site