IMG-LOGO

‘ගැත්තන්ට මම බය නෑ‘ - රාජිත සේනාරත්න

තර්ජනවලට තමා බිය නොවන බවත්, ගැත්තන්නට බය නොවන බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සහ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දෙන්නේ ලකුණු ක්‍රමයක් මතයි. එම ලකුණු ක්‍රමය කාටවත් වෙනස් කරන්න බෑ. නව පත්වීම් ලබා දෙන රෝහල් තීරණය කළ යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොවෙයි. රෝහල්වල සියලු දත්ත තිබෙන එකම තැන සෞඛ්‍ය අමාත්‍යංශය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නොවෙයි. එක එක මාෆියා කණ්ඩායම්වල වැඩ වලට මම බය නෑ. වෘත්තීය සමිති කාර්යංශයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ විවෘත කර තිබෙනවා.

වැඩ වර්ජන සිදු කර අහිංසක රෝගීන් බිලී බාන්න කටයුතු නොකළ යුතුයි. දුප්පත් මිනිහට නැති සෞඛ්‍ය සේවාවක් අපට අවශ්‍ය නෑ. ‘‘



අදහස් (0)

‘ගැත්තන්ට මම බය නෑ‘ - රාජිත සේනාරත්න

අයිරා Monday, 30 May 2016 06:32 AM

කොයි ප්‍රශ්නයත් මහින්දගේ රෙජිමේයට දාන්නම තමයි බලන්නේ . (ම)

:       0       0

කුරුවිට සුනිල් Monday, 30 May 2016 06:33 AM

ගැත්තන්ට ගැත්තන් බය නැහැ (ම)

:       0       0

රජිත් මංජුල Monday, 30 May 2016 12:29 PM

ලංකාවේ දොස්තරලගෙන් පොඩි ලෙඩකට බේත් ගත්තට කවදාවත් ලෙඩක් එක පාරකින් හොදවෙන් නෑ දැන් ගේමට පුරුදු වෙලා ඉන්නේ (බ)

:       0       0

ධම්ම Monday, 30 May 2016 07:27 AM

වර්ජනය කරන දොස්තරලා අයින් කරලා ඒ වෙනුවට සයිටම් දොස්තරලා දාන්න ඇමතිතුමා. (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 30 May 2016 07:50 AM

මේ ආපහු රට කන්න හදන ඇමතිකෙනෙක්. (අ)

:       0       0

ශානක Monday, 30 May 2016 09:01 AM

මෙයාල රට හදන එක කෙසේවෙතත් රට කන බවනම් පේනවා. මෙයාව මෙතැනින් අයින් කරගත්තේ නැත්නම් රටේ සෞඛ්‍ය ඉවරයි (බ)

:       0       0

සමන් Monday, 30 May 2016 10:03 AM

දොස්තරලා ලංකාවේ රෝගීන් සූරාකන බව කව්රුත් දන්නවා . දොස්තරලගේ තීරණයට පුද්ගලික රෝහල්වලට රෝගීන් ඇතුලත් කළාට පස්සේ නැවත දොස්තර හමුවෙන්න නැවත චැනල් ගාස්තුව ගෙවා යන්න ඕන . මේක තමා ඇත්ත . මට්ටු කරන්න ඕන .(අ)

:       0       0

තිලක් - නුවර Monday, 30 May 2016 10:19 AM

ඇමතිතුමා, ඇමතිතුමා.....පොඩි ප්‍රශ්නයක් තියෙනවා.......පරණ ලොක්කව මට්ටු කළේ නිකන් ද ? සල්ලි අරගෙනද? (බ)

:       0       0

ජයරත්න Monday, 30 May 2016 04:17 AM

දුප්පත් මිනිහට නැති සෞඛ්‍ය සේවාවක් අපට අවශ්‍ය නැහැ කිව්වාට ඔබතුමාට අසනීප වුණහම විශේශ ගුවන් ගිලන් රථයකින් සිංගප්පූරුවේ සුපිරි පෞද්ගලික රෝහලකට ගොස් සති ගණන් එහි නතර වී ප්‍රතිකාර ගන්න වැයකල මුදලින් අපේ රටේ රජයේ හෝ පෞද්ගලික රෝහල් වල දුප්පත් මිනිසුන් කීදෙනෙකුට ශල්‍යකර්ම සිදුකොට ජීවිත බේරාගැනීමේ හැකියාව තිබුණාද ? (ම)

:       0       0

අනිල් Monday, 30 May 2016 11:13 AM

මේ වර්ජනේ නවත්වන්න. නැත්නම් දුක්විදින්නේ අසරණ ජනතාව. (ර)

:       0       0

චන්දි Monday, 30 May 2016 05:06 AM

අපි නම් බයයි. මොකද සිංගප්පුරු යන්නද බෙහෙත් ගන්න. (ම)

:       0       0

ලලීන්ද Monday, 30 May 2016 05:04 AM

බොහොම හොඳයි . මෙයාලට ඕන ඕන විදියට රටේ සෞඛ්‍ය සේවාවේ වෙනස්කම් කරන්න දෙන්න බැහැ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 163 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 472 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site