IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගිණුම් විස්තර ගැනීමේ බලය ජනපති කොමිසමට

බරපතල වංචා හා දූෂණවලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති වත්කම් ප්‍රකාශවල තොරතුරු පූර්ව අනුමැතියකින් තොරව ලබාගැනීමේ බලය වහාම ක්‍රියාත්මක වන පරිදි බරපතල වංචා දුෂණ විමර්ශන විශේෂ ජනපති කොමිසමට ලබාදීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කර ඇත.

එම කොමිසමේ පරීක්ෂණ දිගින් දිගටම කල් යාමට හේතුව බැංකු ගිණුම් හා වත්කම් ප්‍රකාශ ලබාගැනීමේ දී සිදුවන ප්‍රමාදය බවට කොමිසම මගින් දැනුම් දීමක් අනුව ජනපති මෙම නියෝගය ලබාදී ඇත.



අදහස් (0)

ගිණුම් විස්තර ගැනීමේ බලය ජනපති කොමිසමට

සුජීව ද අල්විස් Tuesday, 02 February 2016 03:58 PM

ඊයේ ජනතිපතිතුමාගේ මල්ලි පොරව පාරකින්, එම්කේඒඩීඑස් පිළිකාවකින්, සෝභිත තෙර හෘද අමාරුවකින්............... මේ දේව සාපයක්ද? (බ)

:       0       0

දහම් Tuesday, 02 February 2016 04:14 PM

පුද්ගලික බැංකු ගිණුම් විස්තර දෙයිද ජනාධිපති කිව්වට? (බ)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 02 February 2016 04:34 PM

අනේ සුජීව, ඔයා තව ටික දවසක් බලාගෙන ඉන්න. හොර මගඩි එකින් එක එළිවෙනකොට දේව ශාපය කාටද කියලා රටටම තේරෙයි. (නි)

:       0       0

මෂූඩ් Tuesday, 02 February 2016 04:51 PM

අනේ සුජීව වගේ ආත්මාර්ථකාමියෙක්? (නි)

:       0       0

ලතා Wednesday, 03 February 2016 01:55 PM

හා හා දුමින්ද කට කට.., මහා බැංකු හොරකම් ගැන නෙවෙයි වගේ (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 02 February 2016 05:57 PM

බරපතල වංචා හා දූෂණ වලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති වත්කම් පමණක් මදි. කලින් කට්ටිය ගසාකාලා ලෝකයේ පුරවපු බැංකු වල විස්තරත්, එම මුදල් ප්‍රමාණයත්, එම මුදලුත් නැවත ජනතා සතු කරන්න. දැඩි දඬුවම් දෙන්න. (නි)

:       0       0

නිරාන් Tuesday, 02 February 2016 06:38 PM

ඉතා හොඳයි (නි)

:       0       0

ගුණසිරි Tuesday, 02 February 2016 08:12 PM

ඇත්තටම සතුටුයි මේ තීරණයට (නි)

:       0       0

කිත්සිරි Tuesday, 02 February 2016 11:38 PM

සුජීව, මොනවද මේ කියවන කතා? (නි)

:       0       0

ටිකිරි Wednesday, 03 February 2016 12:03 AM

බොහොම හොඳයි (නි)

:       0       0

අනුෂ්ක Wednesday, 03 February 2016 01:29 AM

අනේ සුජීව පරිස්සම් වෙන්න. හෙට කවුද දන්නෙ නැහැනේ... (නි)

:       0       0

මාලක Wednesday, 03 February 2016 01:30 AM

ඉතාම හොඳ තීරණයක්. යහපාලනයෙන් ජනතාව අපේක්ෂා කළ එක අංශයක් මෙය. තවද, මම දන්නා තරමින් හුඟක් අය තමන්ගේ නියම වත්කම් හෙළි නොකර, නියමිත ආදායම් බදු නොගෙවා අයථා ලෙස ධනය රැස් කරනවා. දේශීය අදායම් පරිගණකගත කිරීමටත් විරුද්ධ වන්නේ මෙවැනි වංචාසහගත දේශපාලකයන් සහ ව්‍යාපාරකයින්. මේ ගැනත් ජනාධිපති සහ අගමැතිගේ අවධානය යොමුවෙතැයි බලාපොරොත්තු වෙමි (නි)

:       0       0

චන්දි Wednesday, 03 February 2016 02:38 AM

නියමයි! දුප්පත් අපේ සල්ලි කොල්ලකාපු අය කවුද කියලා අපිට දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 03 February 2016 02:43 AM

සුජීව, තම තමාගේ චරිත ස්වභාවය දාන අදහස් වලින් පේනවා. හොරකම වංචාව නොකරන මිනිස්සු කවුරු ඒවා කළත් විරුද්ධයි. අනිත් මිනිස්සු තමාගේ වාසියට හෘද ශාක්ෂියට විරුද්ධව කතාකරන්නේ. ඒ අදහස් මිනිස්සු පිළිගන්නේ නැහැ. (නි)

:       0       0

තිස්ස Wednesday, 03 February 2016 02:47 AM

පසුගිය කාලය පුරාවට හොරකම්, දූෂණ, මැරකම්, මිනීමැරුම්, පොදු ජනතාවගේ මුදල් කුට්ටි පිටින් පවුලට, යාළුවන්ට, නෑදෑයින්ට බෙදු බව දැන් ජනතාව දැනගෙන හමාරයි. එම කල්ලිය තවත් ඉන්නේ මහින්ද පසුපසය. ඉතින් මොවුන් පස්සේ යන අයටයි මඩුවලිගෙන් තලන්න ඕනෑ. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 03 February 2016 02:56 AM

සුජීව ගැන මට කියන්න වචන නැහැ (නි)

:       0       0

දුමින්ද Wednesday, 03 February 2016 07:55 AM

ජාතික ආණ්ඩුවේ සිටින පිරිසටත් අදාල ද ? (ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 02 February 2016 02:20 PM

ඔය ෆයිල් ටිකත් අරය යද්දී ගෙනිහින් තිබුනානම් මේ ජනපති කොමිසමට ඉතින් ....."සොරි.කොම් " තමා....(බ)

:       0       0

සරත් - සවුදි Wednesday, 03 February 2016 08:29 AM

බලයට ඇවිත් කරපු දේකුත් නැහැ, පලි ගැනීමේ නිමකුත් නැහැ, (ම)

:       0       0

චන්න Tuesday, 02 February 2016 02:50 PM

බොහොම හොද තීරණයක්. එෆ්සීඅයිඩී තව තවත් ශක්තිමත් කරන්න ඕනා (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 02 February 2016 02:55 PM

වංචාව සහ දුෂණය තුරන් කිරීමේ ජනතා බලාපොරොත්තුව වර්තමාන ජනාධිපතිතුමා ඉදිරියටම ගෙන යන බව අපි තවදුරටත් විශ්වාස කරමු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site