පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශනය වු දැන්වීම් ස`දහා අයවිය යුතු මුදල් සම්බන්ධයෙන් වැරදි ලෙස ගණනය කිරීම් සිදු වී ඇති බව බරපතල වංචා දුෂණ කොමිසම හමුවේ හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් එහි ගණකාධිකාරීවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට සහ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාට කොමිසම දැනුම් දුන්නේය.
එම දැන්වීම් සඳහා රුපියල් කෝටි 10 1/2 කට අධික මුදලක් අයවිය යුතු බවට කොමිසමට පැමිණිලි ලැබී තිබුණත් මේ සම්බන්ධයෙන් පැවැති සාක්කි විභාගයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරුදෙමින් ස්වාධීන රූපවාහිනි සේවය අභ්‍යන්තර විගණන නිලධාරී අලගියවන්න කීවේ විගණනයේදී වැරදි සිදු වී ඇති බවය.
මේ අනුව ලබන 05 වැනිදා කොමිසමට පැමිණෙන ලෙස ස්වාධීන රූපවාහිනි සේවය අභ්‍යන්තර විගණන නිලධාරී නුවන් මංජුල අලගියවන්නට දැනුම් දුන් කොමිසමේ විනිසුරු මඩුල්ල ඔහු සමඟ එක්වී විගණනය කිරීම් පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාට කොමිසම දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණන් වැරදුණු අයිටීඑන් ගණකාධිකාරී ජනපති කොමිසමට
යගෝ Sunday, 01 November 2015 01:43 PM
දඬුවම මොකක්ද. (ර)
අනිල් Sunday, 01 November 2015 09:24 AM
මේ වගේ අයද මේ ආයතන වල තියාගෙන ඉන්නේ.(හේ)
ඇසළ Sunday, 01 November 2015 09:27 AM
අනිත් වැඩත් මේ වගේ තමයි.(හේ)
ඩයස් Sunday, 01 November 2015 09:42 AM
ගණන් වැරදුණු ගණකාධිකාරිවරයා කොන්ත්‍රාත් එකක් කරලාද? වරද්දපු ගාණ ඔහුගෙන් අයකරගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි..මෙය හිටපු ජනාධිපතිවරයාටත් , රටටත් කළ පාඩුවක්. (බ)
ජොහාන් Sunday, 01 November 2015 10:15 AM
මොන සකච්ඡාවක්ද? වැරැද්දක් කරහම දඩුවම අනිවාරයයි. මෙයත් පැරණ කට්ටියට කඩේ යනවද දන්නේ නෑ...(රේ)