IMG-LOGO

’’ගෝඨා’’ යනතුරු සරසවි අරින්නේ නැද්ද?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"ගෝඨා" යන තුරු විශ්වවිද්‍යාල අරින්නේ නැද්දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්  මන්ත්‍රී තුෂාර ඉඳුනිල්  මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) ප්‍රශ්න කළේය.

විශ්වවිද්‍යාල නැවත විවෘත නොකරන්නේ අරගලයේ යෙදෙන කණ්ඩායම් පෝෂණය වෙන නිසා  බවට සමාජයේ  කතාවක් යන බව කී මන්ත්‍රීවරයා අරගල කරන අයගේ මූලික තේමාව  "ගෝඨා ගෝ හෝම්" යන්න බවත් ගෝඨා යන තුරු යන්නේ නැතැයි අරගලකරුවන් පවසන බවත් පැවසීය.

තමාට ඉතිරි වී ඇති අවුරුදු දෙකහමාර පිරෙන තුරු යන්නේ නැතැයි ජනාධිපති තුමා කියන අතර ඒ අනුව අවුරුදු දෙක හමාරක් යන තුරු විශ්වවිද්‍යාල අරින්නේ නැතුව ඉන්නට කල්පනා කරනවා දැයි තුෂාර ඉදුනිල් මහතා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ දැනටමත් විශ්වවිද්‍ය  විවෘත කොට ඔන්ලයින් දේශන පැවැත්වෙන බවයි.විශ්වවිද්‍යාල සිසුන් යනු අසාධාරණයට විරුද්ධව කටයුතු කරන පිරිසක් බව කී අමාත්‍යවරයා ඒ තරුණ ජවයට කිසිදු බාධාවක් නැතැයි ද අධ්‍යනය කටයුතු කරන ගමන් තරැණයන්ට ඒ කටයුතු වල යෙදෙන්නට ද හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපතිතුමා යනවාද නැද්ද කියන ප්‍රශ්නයට තමාට උත්තර කියන්නට බැරි බව ද ඒ ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ ජනාධිපතිතුමා බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.



අදහස් (3)

’’ගෝඨා’’ යනතුරු සරසවි අරින්නේ නැද්ද?

Pitigala Milano Wednesday, 08 June 2022 12:34 PM

ගෝඨා ගෝ හෝම් 2022...

:       31       15

sharm warn Wednesday, 08 June 2022 12:39 PM

ඔබහරි, මේ මනුස්සයා යනකල් විශ්ව විද්‍යාල අරින්නේ නැතිවෙයි. අඩුගානේ අර පාරවල් වහන්න බට දාලා කූඩු හදපු එකෙන් මොලෙ කොහේද කියලා හිතාගන්න පුළුවන්නේ. යුද්ධය දිනන්න මෙයාගේ උපක්‍රම යොදා ගත්තා නම් අද ප්‍රභාකරන් තමයි රටේ ජනාධිපති වෙලා ඉන්න වෙන්නේ.

:       33       18

Makola Mangala himi Wednesday, 08 June 2022 02:04 PM

මේ අය කොහේද ඉන්නේ? සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු කරනවනේ, රුහුණු සරසවියේ.. සියලුම පිඨවලට අධ්‍යයන කටයුතු කෙරෙනවනේ..

:       2       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 343 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 262 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site