IMG-LOGO

’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහාම නතර කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"ගෝඨා ගෝ හෝම්"  කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඡන්දයක් ආවාට පසුව ගෝ හෝම් කියන්නැයි කී රාජ්‍ය අමාත්‍යවරිය සිරිමාවෝ මැතිනිය ගෙදර පළයං කියනකොට ගියාද?ප්‍රේමදාස මැතිතුමා හෝ ජයවර්ධන මැතිතුමා ගෙදර පලයං කියනකොට ගියාදැයි ප්‍රශ්න කළේය.

තරුණ දරුවන් මානසික වියවුලෙන් ගැලවෙන්නට ගෝල්පේස් පිටියට පැමිණීම ගැන  කණගාටු වෙන නමුත් මේවායේ ඇතුළත තිබෙන සමහර දේවල් දිහා බලද්දී මේ දරුවන් විකුණාගෙන කන විදියේ කල්ලියක් තිබෙන බව පෙනෙන්නේ යැයිද කුමාරසිංහ මහත්මිය කීවාය.



අදහස් (36)

’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහාම නතර කරන්න

ලුම්බිණි Thursday, 21 April 2022 04:00 PM

කියනකම් තමයි හිටියේ.

:       18       99

උදයන්ගනිSaturday, 23 April 2022 08:30 PM

රට බංකොලොත් වීම ගැන සියලු දේශපාලඥයින් වගකිව යුතුයි...

:       1       3

vidura Thursday, 21 April 2022 04:08 PM

ඔය අය කියන විදියට රටේ මිනිස්සු වැඩකරපු කාලේ ඉවරයි.

:       13       91

විපරමා Thursday, 21 April 2022 04:11 PM

තමුන් ඔය ටික ගෝල්ෆේස් පිට්ටනියට ගිහින් කිව්වා නම් තමයි වැඩිය හොඳ. රාජ්‍ය ඇමැතිකමක් ලැබුණු ගමන් උඩ ගිය තරම්. මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ..?

:       13       113

Shan Thursday, 21 April 2022 04:38 PM

ඔව්, ඔව් කියන්න ගෝඨා කම් මයි හෝම් කියලා... කුජීතයි..!

:       11       154

Dharmatileke Thursday, 21 April 2022 05:36 PM

ආ.. මේ කවුද? මෙයා නේද කිව්වේ ‘‘ මේ වියත් මග නෙවේ... කියත් මග කියලා...‘‘ ‘‘ගීතා ගෝ හෝම්..‘‘

:       7       117

Rexi Thursday, 21 April 2022 05:46 PM

අයියෝ, උද්ඝෝෂණය කරන කට්ටිය... ඒත් බැලුවා ඇයි ඔබතුමිය පරක්කු වුණේ කියලා... ඔයා කියනවා නම් අපි කියන්නේ නැහැ හොඳේ..! දැන් සතුටුයිද?

:       5       81

Buddika Thursday, 21 April 2022 06:21 PM

රාජ්‍ය ඇමැතිකමක් ලැබුණා විතරයි, හැරුණා නේද අංශක 90 විතරම..

:       8       89

dis Thursday, 21 April 2022 06:25 PM

කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න... මෙයා මේ වැලේ වැල් නැතිව ඉඳලා, පිනට පට්ටමක් හම්බවෙලා, මෙලෝ අවබෝධයක් නැතිව කතා කරනවා. ඕවා තව ටික දවසයි. ඔබලා රටට කොඩිවින...!

:       7       91

Walabda Thursday, 21 April 2022 07:15 PM

ගෝල්ෆේස් එන්නකෝ... එතකොට කියලා දෙයි.!

:       7       82

රිතික් Thursday, 21 April 2022 07:17 PM

දන්න සුද්ද සිංහල ඔක්කොම ඔලුවට එනවා...

:       8       76

Gayantha Thursday, 21 April 2022 10:31 PM

මැස්සෙක් ගිය උඩ...!

:       1       4

Dilum Thursday, 21 April 2022 10:44 PM

මේ වගේ අයට ඡන්දේ දුන්නු එවුන්ට ඉස්සෙල්ලා ගහන්න ඕනේ....!

:       0       5

ගමේ එකාලා Thursday, 21 April 2022 10:57 PM

තමුනුත් කිව්වා වගේ බා බා බ්ලැක්ෂිප් තමයි කියන්න තියෙන්නේ...!.

:       0       5

ඉෂාන් දිලූප Friday, 22 April 2022 12:11 AM

පිළිතුර සරලයි. ඡන්දෙන් පත් වුණු දවසේ ඉඳන් මගේ ජනතාවට සේවය කරන්න මේ රජයෙන් ඉඩක් දෙන්නෑ කියල ගීතා නෝනා අඬ අඬා හිටියේ ... ඔන්න දැන් හරියටම පැහැදිලියි තමන්ගෙ දරු පවුලත් අත්හැරියේ මොකටද කියන එක...

:       0       5

සමන්ත Friday, 22 April 2022 12:45 AM

ඕන් දැන් මෙයාට ඇමතිකමක් හම්බවුණු නිසා නතර කරපල්ලා ඕක...!

:       0       5

KA.Nandana kumara Friday, 22 April 2022 01:48 AM

ගරු ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා මා කියන්නේ නැහැ. ජනාධිපතිවරයා මිනිසුන්ට ගරු කරන්න ඕනෑ.

:       1       2

දර්ශන පෙරේරා Friday, 22 April 2022 03:54 AM

තරුණ දරුවන්ට මානසික වියවුලෙන් ගැලවෙන්න ඕනෑ නම් ගෝල්පේස් නොයා ඉන්න...

:       4       3

Shan Friday, 22 April 2022 04:14 AM

දැන් සැපද? ඇමති කම් ගත්තට පස්සේ දැන් එනවා. මිනිස්සු පත්කළ මේ කුරිරු දේශපාලකයින් තව නලවන්නද කියන්නේ?

:       0       3

Nilantha Friday, 22 April 2022 04:26 AM

අනේ..! ගෙදරට වෙලා වැඩක් බලාගෙන ඉන්න..

:       0       3

Nandasena Friday, 22 April 2022 05:34 AM

එයාගේ කාලෙ එනකල් හිටියොත් අපිට යන්න වෙන්නේ ගෙදර නෙමෙයි පරලොව...!

:       0       2

සරණපාල Friday, 22 April 2022 06:36 AM

ගෙදර ගෙනිහින් තියාගන්න...

:       0       4

ranjith Friday, 22 April 2022 06:51 AM

ජනතා පීඩාව මොකක් වුණත් කමක් නෑ. තමන්ට මස්කට්ටක් ලැබුණොත් ඇති මේ වගේ මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තු එවපු එක තමයි වරද...!

:       0       3

Dhammika Peiris Friday, 22 April 2022 07:16 AM

ඇයි ඇමැති කට්ටක් ලැබුණු නිසාද..?

:       0       3

Dhammika Friday, 22 April 2022 07:56 AM

දැන් ඇමැති පට්ටම නිසා.. බැන බැන හිටියා.. අනේ මෙහෙම නරි රැළක්... ඔයාට මේවා තේරෙන්නේ නැහැ.

:       0       1

Charitha Friday, 22 April 2022 07:56 AM

අනේ යන්න... කියනකන් හිටියේ.. ඇමැති පට්ටමක් ලැබුණා ඔක්කොම වෙනස් වෙනවා. ඔයාලාට ඕනෑ වුණාට හොරු රකින්න රටේ මිනිස්සුන්ට ඕනෑ නැහැ.

:       0       1

H n abeyratne Friday, 22 April 2022 08:15 AM

මේ වගේ කෙනෙක්ට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවන්න බූරුවන් ගොඩක් හිටියනේ... මෙයාට නම් තෙල්, ගෑස්, කිරි ටික දෙන්න පාර්ලිමේන්තුවේ ගොඩක් කට්ටිය ඉන්න බව අපි දන්නවා...! 

:       0       2

chinthaka Friday, 22 April 2022 09:34 AM

ඇමැතිකම වැඩ කරනවා වගේ... මෙච්චර දවස් කළකිරිලා නේද උන්නේ...? මෙයාලටත් ඡන්දෙ දෙන හරක් ඉන්නවනේ...!

:       0       3

Karunasena Friday, 22 April 2022 10:21 AM

සිංහ හම පොරවා ගත්තට හඬනගන විට තමයි තේරෙන්නේ නරියා කියලා. අනේ සෝමක්කේ මේ කාලේ ගෙදර ගිහින් නිදිය ගත්තා නම් මීටවඩා සැප නැද්ද..?

:       0       6

Bandula alwis Friday, 22 April 2022 10:34 AM

මෙච්චර රට විනාශ කරලා මිනිස්සු හිඟමනට පත්කරපු අයට go home කියන්නේ නැතුව මොනවා කියන්නද? වෙන රටකනම් ගෝ හෝම්... නෙමෙයි අල්ලලා හිරේ දාලා... ඇමැති කට්ටක් ලැබිලා උඩගිය තරම...!

:       0       6

gevin Friday, 22 April 2022 10:44 AM

මට ඇමති කමක් හම්බ වුණා.. ගෝටා ගෝ හෝම් කියන්න එපා දැන්...

:       0       6

Mahesh Friday, 22 April 2022 03:15 PM

ඔයාට විලිලැජ්ජාවක් නෑ කියලා අපි දන්නවා. ඒ නිසා නැවත නැවතත් ඒක අපිට කියන්න ඕනෑ නෑ. ඔයා කරුණාකරලා ඔයාට කරන්ඩ බැරි, කිසිම දැනුමක් නැති මේ ඇමැතිකමෙන් අයින් වෙන්න. ඔයාට ජීවත් වෙන්න විදිහක් නැත්තන් මිනිස්සුන්ගෙන් කන්න ටිකක් ඉල්ලගන්න. හැබැයි තවදුරටත් ඔයා මේ විලිලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරන්න ආවොත් ඔයාටත් වෙන්නේ මේ අය එක්කම හිරේ ලගින්න.

:       0       2

Manjula Tushara Friday, 22 April 2022 05:54 PM

ඇමතිකමක් ලැබුණා විතරයි වෙනස් වෙච්චි තරමක්...!

:       0       0

Lal Senarath Saturday, 23 April 2022 11:18 AM

"ගෝඨා ගෝ හෝම්" නරකම නෑ, ඉක්මනට ගියා නම් හොඳයි, මොකද මිනිස්සු තවත් අගාධයට වැටෙනවා කවුරු හිටියත්. ඉතින් නොගියොත් ඒ වැරැද්දත් ගෝඨාට... එතකොට "ගෝඨා ගෝ හෝම්" පෙරලේවි...

:       1       0

Citizen Saturday, 23 April 2022 05:49 PM

ඇමැතිකම ලැබුණාම කට ඇරිලා විකාර කියවනවා.

:       0       0

Fernando Saturday, 23 April 2022 08:11 PM

සාටකයෝ එපා. බොරුකාරයෝ, මිනිමරුවෝ, තවත් එපා. රැවටෙන්නේ නැහැ රටේ බුද්ධිමත් අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 774 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1196 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site