
(විමුක්ති එස් රුද්‍රිගු)
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති අර්බුදය තවත් උග්‍ර කර නොගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශ්වයට දැනුම් දුන් බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා දැනුම් දුන්නේය.
උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සහ පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සමග සාකච්ඡා කළ බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ආචාර්ය එස්.ජයිශංකර් මහතා සමග පැවැති සාකච්ඡාවේදී ඉන්දියාවට ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට සහයෝගය ලබාදීමට ඇමෙරිකාව කැපවී සිටින බව නැවත වරක් තහුවරු කළ බවත් එහිදී පාකිස්තානය සමග මතුව ඇති අර්බුදය අවසන් කර ගැනීම සඳහා කටයුතු කිරීමට ඉන්දියාව දිරිමත් කළ බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
පාකිස්තාන හමුදාව ජම්මු හා කාශ්මීර පාලන සීමාවට කිලෝ මීටර 80ක් දුරින් චීනයේ හවුට්සර් කාලතුවක්කු වර්ගයේ අවි ස්ථානගත කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම පකිස්තාන ගුවන් සේවා සඳහා ඉන්දීය ගුවන් සීමාව වසා දැමීමටද ඉන්දීය බලධාරීහු පෙරේදා(30) තීරණය කළහ. මේ වනවිට දෙපාර්ශවය එකිනෙකාට විරුද්ධව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇත.
මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් ප්‍රකාශ කර සිටියේ පාකිස්තානය කිසිම විටෙකත් ප්‍රථමයෙන් ඉන්දියාවට පහර නොදෙනු ඇති බවත් ඉන්දියාව පාකිස්තානයට පහර දුන්නොත් එයට දැඩි ප්‍රතිචාර ලබා දෙන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැටුම බේරා ගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශවයට කියයි
කව්ද බෝයි Thursday, 01 May 2025 05:12 PM
තාම අපේ රාජ්‍ය ත්‍රාන්තික ෆෙරාරි සීයාගෙන් ලිඛිත ඉල්ලීමක් දෙපාර්ශවයට ගියේ නෑනේ. ඒක ගියගමන් වැඩේ කම්මුතුයි...
so sadFriday, 02 May 2025 01:12 AM
කෙබර කුමාර නම් කියන්න ඇති