
(චන්ද්‍රසේන ගමගේ)
ගිහියකු ලෙස පෙනී සිටිමින් තහනම් භාණ්ඩ කිහිපයක් ළග තබා ගත් බව කියන තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය තංගල්ල නගරයේදී අත් අඩංගුවට ගෙන තිබුණු බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
අත් අඩංගුවටපත් වූවන් අතර සිවුරුදැරූ දෙදෙනකු ද තරුණයකු ද වන බවත් ඔවුන් සන්තකයේ තිබී ගජමුත් එකක් කුඩා මැණික් කැබලි 10ක් හා පැරණි කාසි 263ක් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
අත් අඩංගුවට පත් සිවුරුදරා සිටි දෙදෙනා ගාල්ල නෙළුව ප්‍රදේශයේ අය බවත් ඔවුන් කිසියම් කූඨ කටයුක්තක් සදහා තංගල්ල නගරයට පැමිණ එහි සැරිසරමින් සිටියදී අත් අඩංගුවට ගත් බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත් අඩංගුවටපත් තරුණයා ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් පොලීසිය කියයි. අත් අඩංගුවට පත් තිදෙනා වයස අවුරුදු 24 හා 25 වයසේ පසුවන්නන් බවද පොලීසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජමුතුවක් පැරණි කාසි සමග තුනක් සැකපිට