මේ වසරේදී තිරගත වෙමින් පවතින "සුල්තාන්" චිත්‍රපටය සමගින් බොලිවුඩයේ ඛාන්වරුන් සමග රඟපෑ ජනප්‍රිය බොලිවුඩ් නිළියන්ගේ ලැයිස්තුවක් ඔබට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු. ඒ ඛාන්වරුන් විරසක වුවත් ඔවුන් සමග රඟපාන නිළියන් අතර විරසකයක් නොමැති බැවිනි.
1) කාජල්
බොලිවුඩයේ "කින්ග් ඛාන්" ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් සමග රඟපෑ චිත්‍රපට මෙසේය. ඇය ෂාරුක් සමගින් "බාසිගර්", "කරන් අර්ජුන්", "දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ", "කුච් කුච් හෝතා හේ", "කබි කුෂි කබි ගම්","මයි නේම් ඉස් ඛාන්", "දිල්වාලේ" යන චිත්‍රපටවලට දායක වී තිබේ. සල්මන් ඛාන් සමග රඟපෑ චිත්‍රපට අතර "පයාර් කියා තෝ දාර්නා ක්යා" සඳහන් කර ඇති අතර ෂාරුක් සහ සල්මන් එකට එක්ව රඟපෑ %කුච් කුච් හෝතා හේ" චිත්‍රපටයද මෙහිදී කැපී පෙනේ.
අමීර් ඛාන් සමග රඟපෑ චිත්‍රපට අතරින් වඩා ජනප්‍රිය වූයේ "ෆනා"ය.
2) රාණි මුඛර්ජි
දෙවැනි වරටත් විවාහ වූ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රාගේ බිරිඳ වන රාණි, පසුගිය වසරේදී මවක් වූ නිළියකි. ඇය ෂාරුක් සමගින් රඟපෑ චිත්‍රපට අතරින් "කුච් කුච් හෝතා හේ", "පහේලි", "චල්තේ චල්තේ", "කබි අල්විදා නා කෙහ්නා" කැපී පෙනේ. සල්මන් ඛාන් සමගින් ඇය රඟපෑ චිත්‍රපට අතර, "බාබුල්", "කහින් ප්යාර් නා හෝ ජායේ" සහ "චෝරි චෝරි චුප්කේ චුප්කේ" යන චිත්‍රපට ඉදිරියෙන් පවතී.
අමීර් ඛාන් සමගින් ඇය රඟපෑ චිත්‍රපට අතරින් %ගුලාම්^ ඉතා ජනප්‍රිය වූ අතර එහි එන %ජාදු හේ තේරා හයි ජාදු^ සහ %ආති ක්යා ඛන්ඩාලා^ යන චිත්‍රපට ගීත අදටත් ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල රැඳී තිබේ. එහෙත් රාණි %තලාෂ්^ චිත්‍රපටයේද අමීර් සමගින් රඟපා ඇති අතර, එහිදී ඇය නිරූපණය කරන්නේ ප්‍රතිවාදී චරිතයකි.
3) අනුෂ්කා ෂර්මා
ෂාරුක් ඛාන් සොයා ගත් නිළියක් ලෙසින් සැලකෙන අනුෂ්කා, බොලිවුඩයට පැමිණෙන්නේ "රබ් නේ බනාදි ජෝදි" චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය යෂ් චොප්රාගේ අවසන් අධ්‍යක්ෂණය ලෙස සැලකෙන "ජබ් තක් හේ ජාන්" චිත්‍රපටයේදීද ෂාරුක් සමගින් රඟපෑවාය.
අමීර් ඛාන් සමගින් "පීකේ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ අනුෂ්කා, මේ දිනවල තිරගත වන "සුල්තාන්" චිත්‍රපටයේදී සල්මන් ඛාන් සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නීය.
4) මධුරි ඩික්සිත්
මේ වනවිට තරමක් කල් ඉකුත් වූ නිළියක ලෙස සැලකෙන මධුරි ඩික්සිත්ද බොලිවුඩයේ සුපිරිතම ඛාන්වරුන් තිදෙනා සමග රඟපෑ නිළියක වන අතර ෂාරුක් සහ සල්මන් ප්‍රධාන චරිතය රඟපෑ “හම් තුමාරේ හේ සනම්“ චිත්‍රපටය මෙයින් කැපී පෙනෙන්නේ ෂාරුක් සහ සල්මන් විරසකය ඇරඹෙන්නේ මෙම චිත්‍රපටයෙන් වීම හේතුවෙනි. මීට අමතරව ඇය ෂාරුක් සමගින් "අන්ජාම්", "කොයිලා", "දිල් තෝ පාගල් හේ" සහ "දේව්දාස්" චිත්‍රපටවලදී ප්‍රධාන චරිතය නිරූපණය කර තිබේ.
සල්මන් ඛාන් සමගින්ද රඟපා ඇති මධුරිගේ එම චිත්‍රපට අතරින් "හම් ආප්කේ හේන් හෝන්", "සාජන්" සහ "දිල් තෙරා ආෂික්" සඳහන් කළ යුතුමය.
අමීර් ඛාන් සමගින්ද රඟපෑ ඇති ඇයගේ හොඳම චිත්‍රපට ද්විත්වය වන්නේ "දිල්" සහ "දීවානා මුජ් සා නහින්"ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඛාන් සමග රජ කරන බොලිවුඩ් නිළියන්