IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 15,000ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන තුනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පහළොස් දහසකට වැඩි මුදලක් ණයවී සිටින බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වැඩිම මුදලක් ණය වී සිටින්නේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයයි ණය වී සිටින මුදල රුපියල් කෝටි අට දහස් දෙසීයකි.

මෙයට අමතරව සංස්ථාවට ශ්‍රී ලංකන් එයාර් ආයතනය රුපියල් කෝටි පන් දහස් හත් සියයක මුදලක් ද ස්වාධීන විදුලි නිෂ්පාදකයන් රුපියල් කෝටි එක් දහස් දෙසීයක මුදලක්ද ණය වී සිටින බව සභාපති වරයා සඳහන් කළේය

මේ ආයතන තුනෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතු මුළු මුදල රුපියල් කෝටි පහළොස් දහස් එක සියයකි.

මේවා වසර දෙකක් තිස්සේ එකතු වුණු ණය මුදලක් බවත් විදුලිබල මණ්ඩලය 2019 වසරේ මාර්තු මාසයේ ලබාගත් ඉන්ධන වෙනුවෙන් පවා අදාල හිඟ මුදල් ගෙවා නැති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ හිඟ මුදල් පියවීම සඳහා සහන කාල සීමා ලබා දී ඇතත් නියමිත පරිදි ඒ කටයුතු සිදුනොවීම නිසා හිඟ මුදල් මෙලෙස විශාල වශයෙන් එකතු වන බවත් හිඟ මුදල් කඩිනමින් ගෙවන ලෙස මේ ආයතනවලට සිහි කැඳවීම් ගණනාවක්ම කර ඇති බවත් සුමිත් විජේසිංහ මහතා පැවසුවේය.

 



අදහස් (5)

ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 15,000ක පොල්ලක්

chandima Thursday, 17 June 2021 01:33 AM

මොන පොලු වැටුණත් කමක් නැහැ. ඉන්දියන් තෙල් සමාගමට නම් විකුණන්න එපා.. දෙනවා නම් ශෙල් මොබයිල් හරි වෙනත් ඒවගේ එකකට හරි දෙන්න... පින් සිද්ද වෙයි..

:       0       0

Asanga Thursday, 17 June 2021 08:25 AM

පෙනෙනවා නේද මහජන මුදල් ගසාකෑමේ තරම... මොකද අපි කවදාවත් නිකන් ඉන්ධන ගහගෙන නැහැනේ...

:       0       0

Perera Thursday, 17 June 2021 10:39 AM

බලවතුන්ගේ V8 වලටයි, රේන්ජ් රෝවර් වලටයි ඉන්ධන ගහලම වෙන්න ඇති.

:       0       0

Sri Lanka Thursday, 17 June 2021 04:33 PM

තෙල් වැඩි කිරීම සාධාරණිකරණය කරන්න දැන් තමයි මතක් වෙලා තියෙන්නේ

:       0       42

උපාලි Saturday, 19 June 2021 12:37 PM

විදුලිබල මණ්ඩලය සහ එයාර් ලංකා එක ගෙවන්න තියෙන සල්ලි ආයිත් කවදාවත් හම්බවෙන්නෑ කියලද කියන්නේ...? ඒවා බොල් ණයද? නැත්තම් ඒ ටික හම්බවුණාම ජනතාවට ගෙවනවද? සුරංගනා කථා.. හොඳයි මොන්ටිසෝරි ළමයින්ට..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site