(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ "ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දැනුම් දුන්නේය.
මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගැනිණි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ඛනිජ තෙල් සංස්ථා විධායක නිලධාරීන්ගේ සංගමය ඇතුළු තිදෙනකු මෙම පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබිණි .
මෙම පනත් කෙටුම්පත හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙරටට පෙට්‍රෝලියම් නිෂ්පාදන ගෙන්වා බෙදා හැරීමට තිබු ඒකාධිකාරීය අහෝසි වන බවත් පෞද්ගලික අංශයෙන් සෘජුවම විදේශවලින් මෙරට පෙට්‍රෝලියම් නිෂ්පාදන ගෙන්වීමට බලය ලැබෙන බවත් පෙත්සම්වල සඳහන්ව තිබුණි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී බහුතර සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
377
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1018
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සමේ තීන්දුව කතානායකට
බණ්ඩාර Saturday, 10 September 2022 10:02 PM
බල සක්ති කර්මාතය පුත්ගලික අංසයකට යාම භයානකයි ඇතුළින් රටෙ අනුකූත් ආයතන පාල බලය වෙන රට වලට යටත් වේ.