(යොහාන් භාසුර)
ක‍්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දී ඇති උපදෙස් සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් වැඩි දුර උපදෙස් ඉල්ලා ලිපියක් යොමු කළ බව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසයි.
ක‍්‍රිකට් පරිපාලනයේ ඇතැම් කරුණු පිළිබඳ පැහැදිළි කිරීම් කීපයක් අවශ්‍ය බවත් එම කරුණු ඇතුළත්කර ලිපියක් නීතිපතිවරයාට යොමු කළ බවත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.
නීතිපතිවරයාගෙන් අදාල පැහැදිළි කිරීම් ලැබෙන තෙක් ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව තීන්දු නොගන්නා බවත් පැහැදිළි කිරීම් ලැබෙන තෙක් බලා සිටින බවත් ලේකම්වරයා කීය.
හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බවත් ක‍්‍රිකට් නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක‍්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කළ යුතු බවත් නිතිපතිවරයා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට උපදෙස් දී තිබුනි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලිගේ පවුලගේ තාත්තා වැඩට ගත්තේ උපදෙස් අනුව වෙන්න ඇති...!
මල්ලිගේ නෝනාගේ තාත්තව වැඩට ගත්තේ උපදෙස් අනුව වෙන්න ඇති..
කාගෙවත් උපදෙස් මොකටද? පවුල් පාලනේ සනුහරේම කිට්ටු කරගෙන ඉන්නේ කාගෙවත් උපදෙස් අනුව නෙවෙයිනේ?
මොකටද උපදෙස්? තමුන් පෙරකදෝරු විභාගේ පාස් කෙරුවේ කාගෙවත් උපදෙස් අරන් ලියලද?
කාගෙවත් උපදෙස් අවශ්‍ය නැහැ.
උපදෙස් ගන්න නම් කවුරුවත් මොකටද? තමුන්ගේ අප්පචිචි ඉන්නේ... මෙයාලාට දූෂිත වැඩ කරන්න නම් ගණ දෙවි නුවණ තියෙනවා.