(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ මහ නගර සභාව නගරවාසීන්ගෙන් රුපියල් කෝටි 400කට අධික වරිපනම් බදු ප්‍රමාණයක් මෙතෙක් එකතු කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා) තොරතුරු අනාවරණය විය.
මේ තොරතුරු අනාවරණය වූයේ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් එම කමිටුව හමුවට පසුගියදා කැඳ වූ අවස්ථාවේදීය.
කෝපා කමිටුවේ සභාපති මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවැසුවේ බදු එකතු කිරීම විධිමත් කරන ලෙසට නගර සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.
බදු එකතු කිරීමේ ප්‍රශ්නයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
"මේ හිඟ බදු කොච්චර පරණ ඒවද? ළඟදී තියෙන ඒවා මොනවද? ගන්න පුළුවන් ඒවා මොනවද? බැරි ඒව මොනවද? ඒ ගැන තමයි අපි විමසන්නේ” යැයි සභාපතිවරයා එහිදී පැවැසුවේය.
එහිදී අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික භාණ්ඩාගාරික නන්දන රාජපක්ෂ මහතා පැවැසුවේ කොටුව ප්‍රදේශයේ පමණක් හිඟ වරිපනම් කෝටි හැට එකක් තිබූ බවයි.
මෙම හිඟය අයකර ගත හැක්කේ බදු ගෙවන්නන්ගේ දේපළ තහනම් කිරීමට තිබෙන ක්‍රමවේදය බලාත්මක කිරීමෙන් බව ද ඔහු කීවේය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී කැලී බල්තසාර් මහත්මිය පැවැසුවේ කොළඹ නගර සභාවේ මෙම අඩුපාඩු කඩිනමින් නිවැරැදි කිරීමට කටයුතු කරන බවයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොළඹ මහ නගර සභාව කෝටි 400ක වරිපනම් පිනට ඇරලා