
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මේ දිනවල පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් දොළහක පදිංචි පවුල් තුන්සිය හැත්තෑවක පුද්ගලයින් එක් දහස් හාරසිය පස් දෙනෙකු අද (26) වනවිට ආපදාවට ලක්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.
ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ තිබිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 231 පුද්ගලයින් 781 කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 53 පුද්ගලයින් 308 හා මොරටුවෙ පවුල් 39 පුද්ගලයින් 150 බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී.
ඉකුත් දින කිහිපය පුරා දිවයිනට බලපාන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සීතාවක තිඹිරිගස්යාය කඩුවෙල කොළඹ මහරගම දෙහිවල කැස්බෑව රත්මලාන කොලොන්නාව මොරටුව සහ හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ග්‍රාමසේවා වසම් 57 ජල ගැලීම් , සුළි සුළං , පස් කඳු , කඩා වැටීම් , නාය යාම් , අකුණුසැර වැදීම් ඇතුලු ආපදා රැසකට මුහුණපා තිබූණි.
එහිදී කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර දිස්ත්‍රික්කය පුරා තවත් නිවාස 58 අර්ධ හානියට ලක්ව තිබේ. එහිදී වැඩිම හානියක් සිදුව ඇත්තේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වන අතර එය නිවාස 11 බව කියා සිටී.
නිවාස වලට වූ හානි පූරණය කිරීම සදහා වන්දි තක්සේරු කිරීම (27) සදුදා සිට ආරම්භ කරන බව පැවසේ.
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 33 දෙනෙකු මොරටුව සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පිහිටා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන 03 රැදී සිටින අතර ඔවුන්ට අවශය පහසුකම් ආහාර හා වෛද්‍ය පහසුකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් හා එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු හරහා ලබා දෙමින් සිටින බවත් මෙම ආපදා තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් ඊට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා වැඩිදුරටත් කියා සිටී.
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1315
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොළඹ පවුල් 370කට වැසි ආපදා