(රංජන් කස්තුරි)
කොරෝනා මර්දනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වේච්ඡා බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන එහෙත් කොරෝනා මර්දන කටයුතුවලට සම්බන්ධ නොවන සේවකයින්, පෞද්ගලික සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගිය පිරිස්වලට එම බලකායට සම්බන්ධවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලින්ක් එකත් දැම්මා නම් තමයි වැදගත්... මම කැමැතියි එකතු වෙන්න..