
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙක් ලෙස කුෂාන් ජයසූරිය මහතා පත්කිරීමේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව නොමග යවමින් මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කර ඇති බවත් එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවත් මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
එම කොමිෂන් සභා පනතට අනුව ලැදියා අතර ඝට්ටනයක් ඇති පුද්ගලයෙක් සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කළ නොහැකි බව කියන ඒ මහතා කුෂාන් ජයසූරිය මහතා විදුලිබල කර්මාන්ත ආශ්‍රිත සමාගමකට සම්බන්ධ යැයි ද සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මස 14 වැනිදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමෙන් පසුව පත්වීම් ලිපිය නැවත කැඳවා ඇති බවත් එසේ පත්වීම් ලිපියක් කැඳවීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නොමැති බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ හැමතැනම ලැදියාවන් අතර ගැටුම් තමයි. ඒකයි තවමත් දියුණුවන ලෝකයේ නොදියුණු රටක් වෙලා තියෙන්නේ.
මෙයාගේ ඔලුව ටිකක් පරීක්ෂා කරවන්න බලන්න. පින් සිද්ද වෙනවා. දරුණු මානසික ලෙඩක් තියෙනවා.