(ශාන්ත චන්ද්‍රසිරි සහ සිසිර ලලිත් කුමාර)
කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්‍යන්ත්‍රයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබ්දය හේතුවෙන් එම ගම්මානයේ පවුල් 50 ක පමණ පිරිසක් රාත්‍රි කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට අද (15) සිට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.
මෙම ගම්මානය කඳු රහිත තැනිතලා බිමක පවතින බවත්, නිරන්තරයෙන් එහි පොළව අභ්‍යන්තරයේ විවිධ ශබ්ද ඇසෙන බවට ගම්මුන් විසින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවද ගලබොඩ මහතා කීය.
මෙම තත්ත්වය බියවීමට හේතුවක් නොවන බවත්, කෙසේ නමුත් නුවරඑළිය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් යොදවා මේ පිළිබඳව පුර්ණ සොයා බැලීමක් හෙට (16) දින සිදු කරනු ලබන බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොත්මලේ වෑතලාව ගමේ පොළව යට අමුතු ශබ්ධයක්