IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කෙහෙළියගේ නිවසේ සේවිකාවට ඇප

 (රෝෂන් තුෂාර)

2021 හා 2024 කාලය තුළදී   හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ  පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට   රජයෙන් ගෙවන ලද   වැටුප්  වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව   ඇපමත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලි මහත්මිය අද(17) නියෝග කළාය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිතව බන්ධනාගාර ගත කර සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය මෙලෙස ඇප මතය මුදා හැරියාය.

රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවද, ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද නියෝග කළාය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර සිටියේ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සැකකරු සම්බන්ඳව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව අත් අඩංගුවට ගත් මෙම සේවිකාව සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවය.

 

 



අදහස් (0)

කෙහෙළියගේ නිවසේ සේවිකාවට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1656 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 649 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site