(බිඟුන් මේනක ගමගේ)
කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ (බී.ජේ.පී ටවර්) බදු ඔප්පුව අමාත්‍යාංශය සතුව නැති බවට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කළ දැනුම්දීම ගැන තමා සොයා බලන්නේ යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීප යට පැවැසීය .
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලංකාදීප මාධ්‍යවේදීන් මෙම ගොඩනැගිල්ලේ බදු ඔප්පුව ඉල්ලා සිටීමේදී එය අල්ලස් කොමිසමට දුන් බවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කළ දැනුම්දීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදීය.
එවැනි ලේඛනයක් අමාත්‍යාංශයේ අනිවාර්යයෙන් තිබිය යුතු යැයි කී හෙතෙම කෘෂිකර්ම අමාත්‍යාංශය යනු පෙට්ටි කඩයක් නොවන්නේ යැයිද අවධාරණය කළේය .
ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට තමා මැදිහත් වන්නේ යැයි ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතියත් එකයි, ගෝලයොත් එකයි. පෙට්ටි කඩයකටත් වඩා පහත්. මොකද අදාළ ලියකියවිලි නැහැ කියන්නේ කොහොමද? ඔතන ඉන්න නිලධාරීන් කියන්නේ බබ්බුද? එහි පිටපතවත් නැද්ද? මෙමගින් නැවත වරක් අපට හැඟෙන්නේ කුමක්ද? ඇමතියත් එකයි, නිලධාරීන් කියන පිං පඩි ගන්න අයත් එකයි. මේ වැදගත් කියන ආයතනයක් නොවේද? කුඹුරටම හරියන කෙනෙක්. අපේ අහිංසක මුල් පුරවැසියාට පෙනේද මන්දා මේ අටමඟලේ?
සමහර ආමාත්‍යාංශ පෙට්ටි කඩවලටත් එහා ගිහිල්ලා තියෙන්නේ... එවායේ ඉන්න ඇමතිවරු විතරක් නොවේ නිලධාරින් පවා දන්නේ නැහැ තමන්ගේ ආමාත්‍යාංශය තුළ වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියලා...
ලංකාව පාලනය මොංගල් ඇමතිවරුන්ගේ ග්‍රහණයෙන් මුදාගන්නේ කවදාද ? ලුසේනා
ඔතන පෙට්ටි කඩයක් දැම්මොත් හොඳයි. දඹුල්ලේ ඉඳල කොටුවට එළවලු ගෝනිවල දාගෙන එනකොට 77%ක් නරක වෙලා. පෙට්ටිවල අසුරලා එව්වනක් 90%ක් වත් බෙර ගන්න පුළුවන්. ඕක මොකක්ද? අර මල්වනේ ගෙදර හදපු කෙනෙකුත් හොයා ගන්න නැනේ .
ඇත්තනේ. ගොඩනැගිල්ලක් බදු ගන්න පුළුවන් බදු ලියවිල්ලකින් ( lease අග්රීමෙන්ට්). බදු ඔප්පුව නැතිනම් බදු ලියකියවිලි ඉදිරිපත් කරන්න කියන්න. ( පොදු ජනයාත් ගොන්පාට් දාන්න වෙනවා )
පෙට්ටි කඩයක් කියන්නේ මිනිසුන් බොහෝ දෙනෙකුට සේවය සපයන , අඩුම තරමින් එක පවුලක් හෝ ජීවත් කරවන සාර්ථක ව්‍යාපාරයක්. කවුන්සිල් පර්මිට් එක හැම පෙට්ටි කඩේකම තියනවා . ඒකවත් දන්නේ නැති මන්ද බුද්ධික ඇමතිලා සුළු ව්‍යාපාර හිමියන්ට පෙට්ටි කඩ කියලා අපහාස කරනවා මිසක් තමන්ගේ ව්‍යාපාරය හරියට කරගන්න දන්නේ නැහැ .
හානේ...... .අපි මෙච්චර දවසක් හිතා ගෙන හිටියේ පෙට්ටි කඩයක් කියල .
නුසුදුසු කෙනෙක් ඇමතියෙක් උනාම නිලධාරීන්ට රජ මගුල්.
කවුද කිව්වේ එක පෙට්ටි කඩයක් කියාලා ඇමති තුමා,. පෙට්ටි කඩයක් නම් කොටි ගානක් හිස් බිල්ඩිමකට ගෙවන්න පුලුවන්වෙවිද? අනික ඒවාට ගෙවාපු සල්ලි අපේ මිසක් අමතිතුමාලාගේ නොවෙයිනේ?
මේක උෟරු කොටුවක්නේ... අසුචි කන අය තමයි ඔය ඇමතිකම් කරන්නේ...