IMG-LOGO

කෘත්‍රිම බුද්ධියට සිංගප්පූරු සහය

(අංජුල මහික වීරරත්න)

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවි හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය යටතේ ක්‍රියාත්මක " සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන " (AI Singapore) සමඟ සාකච්ඡා පවත්වා තිබේ. 

ඒ සඳහා දෙරට අතර සහයෝගීතාව විධිමත් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇත. එමඟින්, දේශීය හා ගෝලීය අභියෝග වලට මුහුණ දීමට හැකි වන පරිදි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ පර්යේෂණ ඇරැඹුම් සිදු කිරීම, කෘත්‍රිම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අරමුණු කර ඇත.

 ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථීක අමාත්‍යාංශය සහ සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස ඩිජිටල් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදි.



අදහස් (0)

කෘත්‍රිම බුද්ධියට සිංගප්පූරු සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 628 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 763 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site