IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල දිසා අධිකරණය වසා දමයි

( පුෂ්පකුමාර ජයරත්න )
 
වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු සමඟ කුරුණෑගල දිසා අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමීපව ඇසුරු කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
 
කොළඹ ප්‍රදේශයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයකුගේ සමීපතම ආශිතයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව එම ආසාදිතයා ඇසුරු කළ බව කියන දිසා අධිකරණයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමට පියවර ගෙන ඇත.
 
මෙම කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තුළ නිරන්තරයෙන්ම සේවයෙහි යෙදෙන දෙදෙනෙකු බැවින් ඔවුන්ගෙන් දිසා අධිකරණයේ විනිසුරුවරුන්ට, කාර්ය මණ්ඩලයට සහ නීතීඥවරුන්ට එල්ල විය හැකි අවදානම සැළකිල්ලට ගෙන දිසා අධිකරණය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

කුරුණෑගල දිසා අධිකරණය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site