(මනෝප්‍රිය ගුණසේකර)
පුවත්පත් සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් බද්දේගම පදිංචි ආනන්ද ලැනරොයිට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා එන්තරවාසියක් යවා ඇත.
ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ පුරවැසි සංවිධානය පසුගිය 10 වැනි දා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී බලපිටිය මහාධිකරණයේ විභාග කරන නඩුවක විත්තිකරුවන්ට සාධාරණයක් කරන ලෙසට දැනුම් දෙමින් මහාධිකරණ විනිසුරුවරයාට අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ලිපියක් මගින් දැනුම් දුන් බවට කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව එම එන්තරවාසියේ සඳහන් කර ඇත.
නීතිඥ සනත් විජයවර්ධන මහතා මගින් යවා ඇති මෙම එන්තරවාසිය අනුව දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දිය නොගෙව්වහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර කීර්තියක් මොහුට තියෙන්නේ රටේ ලෝකේ...!!!
ඔබට සතුටුයිද දැන්... එන්න කිරිබත් කමු. කොහොමද සෞභාග්‍යයේ දැක්ම..?
ඉතාම හොඳයි. බොහෝ දෙනෙක් ඔවැනි චෝදනා කරන්නේ කරුණු ඇතුව නොවෙයි. මඩ ගැසීමේ අරමුණින්. එමනිසා එවැනි අයට පාඩමක් වෙන්නත් එක්ක නඩු දැමීම හොඳයි.
කීර්ති නාමයක් තියෙනවද නැතිවෙන්න..?
බිලියනයක් නරක නැහැ. දේශපාලුවෝ වගේ හොරකම්, වංචා, දූෂණ වලින් ගසාකාලා හම්බ කරගත්තු අයට නම් ඔය ගාන සුලු දෙයක් නේ...
මේක හරියට කප්පම් ඉල්ලීමක් වගේ.. තර්ජනය කර මුදල් ගසා කෑමක් නොවේද මේක? ඒත් ඉතින් මෙයා අධිකරණ ඇමැති නිසා නඩුව දිනන්නත් බැරි නැහැ. බලා ඉම්මු වෙන්නේ මොනවද කියලා..?
මේ හදන්නෙ අලි සබ්රි කාරයා එලිපිටම ඇණ ගන්නයි. උසාවියක් ඇතුලේ කිසිම වාරනයක් නැතිව ඕනිම කුණු කන්දක් එළියට අදින්න පුළුවන් කියලා මෙයා දන්නේ නැද්ද? සබ්රිගේ කුණු එළියට ඇද්දොත් මිනිහා මුස්ලිම් මිනිස්සුන්ගෙන් ගුටිකාලා මැරෙන්නේ...
ඉතාමත්ම හොද වැඩක්. දේශපාලන කරන්න එකම වැරැද්දක්වත් හොයාගන්න බැරි විපක්ශය බොරු චෝදනා කරනවා විතරයි. මිනිස්සු නොමග යවන්න ගන්න උත්සහයට ඔහොම කරන්නම ඕන. එතකොට අනිත් අයවත් දේශපාලන අතකොලු නොවී ඇත්ත කතා කරයිනේ
ඒ කියන්නේ ඉස්සර නම කීර්තිද?
මෙයාට කීර්තිනාමයක් තිබ්බෙම නැති එකේ කොහොමද ඒක නැති වුනේ.
ඇත්තටම මෙහෙම නඩු දැමීම හොඳයි. කට තිබුණු පළියට ඕන ජරා කතාවක් කියන්න අපේ සමහර අය පෙළඹිලා තියෙන්නේ මොනව කිවුවත් තමක් නැහැ, ගැටළුවක් නැහැ කියන අදහසේ ඉඳන්. කවුරු කාට කියනවද කියන එක වැදගත් නැහැ. බොරුවට මඩ ගහන එක කුමන ක්‍රමයකට හෝ නැවැත්විය යුතුයි.
මම ෆේස්බුක්වල ලිව්වා අර ගොයියාට ඔය සන්තෑසිය ලැබෙනවා කියලා. දැන් ලියන්න සමාව ඉල්ලලා නැතිනම් ගෙවන්න කියලා..
අරයට තේරෙන්නේ නැද්ද ඔය තරාතිරමේ කෙනෙක් ලිපියකින් උදව් ඉල්ලන්නේ නැති බව.
මුස්ලිම් වුනත් දේශප්‍රේමී පිලේ කෙනෙක් නිසා හොඳ කීර්තිනාමයක් තිබෙනවා.
අලි සබ්රිගේ වැරදි ඇති. එ්ත් කාටවත් බැහැ තමන්ගේ හිතුමනාපෙට කාටවත් චෝදනා කරන්න. දැන් පුළුවන් තමන් වැරදි නැත්නම් ඒක ඔප්පු කරන්න. වැරදිනම් බිලියනය ගෙවන්න. මයික් එකක් දැක්කම වයින් බෝනික්කෙක් වෙලා නිකරුනේ මිනිස්සුන්ට ගරහන්න බැහැනේ.
ඕනෑම කෙනෙක්ට තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත.
බිලියනයකට බිංදු කීයක් තිබේද? ඔබට එය ලිවීමට හා කඩදාසි කැබැල්ලක මට දිය හැකිද?
බිලියනයක් කියන එක මෙයාට නම් ගානක් නැතුව ඇති.
මම දන්නේ නැහැ ඔහු කොහොමද ඔහුගේ හොඳ නම ගණනය කරන්නේ කියලා? . කෙනෙකුට මගේ ගණනය කළ හැකිද?
පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වී ඇතුළත හෝ පිටත මඩ ගැසීම සඳහා කිසිම පදනමක් නැතිව මාධ්‍ය සංදර්ශන තිබ්බා. ජනතාව මුලාකර තමන්ගේ බඩගෝස්තර දේශපාලකයින්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුයි.
දැන් ඉතින් ප්‍රවේශම් වන්න. කට නිසා මේ තත්ත්වය ඇති වෙන්නේ. නීතිය හැමෝටම එකයි.
හොඳ ක්‍රමයක්
යකෙක් පැනපු උඩ..!!
වගකීමක් නැති චෝදනාවන් වලට අනිවාර්යයෙන්ම දඩුවම් කලයුතුයි .