(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් අරඹන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
"අප රටේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ දහයක් පමණ වනවා.එය ලක්ෂ තිහ දක්වා ඉදිරියට ගෙන යාමට අප ඉලක්කයක් තිබෙනවා. එහෙම වුණොත් අපේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්.කිරි නිෂ්පාදනය අගය වර්ධනය කිරීමට කේන්ද්‍රීය මධ්‍යස්ථාන අප ගොඩ නගනවා. ඒ වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කරනවා.කිරි ගොවීන් සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය එමගින් ලබා දෙනවා.කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් ඇරඹීමට අප සැලසුම් කර තිබෙනවා.හොඳ අභිජනන ගොවි පොළවල් ඇරඹීමට සහ හොඳ මව් සතුන් ගොවීන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් අප අරඹා තිබෙනවා.ආනයනික ගව ශුක්‍ර වඩි ගෙන්වා දියුණු තත්ත්වයේ සතුන් පහළොස් දාහක් හැදීමේ සැලසුම් අප සිදු කරමින් පවතිනවා. බිත්තර නිෂ්පාදනය කරන කුඩා ගොවිපළ සඳහා බඩ ඉරිඟු සහනදායී ලෙස රාජ්‍ය මැදිහත්වීමෙන් ලබාදීමටද අප කටයුතු කරනවා.වෛරසයක් නිසා බිඳ වැටුණු සූකර කර්මාන්තය නැවත අලුතින්ම ගොඩ නගන්නට සිදුවී තිබෙනව යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කිරි ලීටර් 100 ඉක්මවන ගොවිපොළ 1200ක් ඇරැඹෙයි
Lalla Friday, 11 July 2025 07:16 PM
ඔය ගමන් කිරිවරණ දෙනුන් සහ පිරිමි සතුන්ට ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලිව ප්‍රකාශ කරන්න. මස් කර්මාන්තය ඔය එක්කම හරි විදියට පටන් ගන්න.