(නිමල කොඩිතුවක්කු)
කිරි තේ එකක මිල රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ආනයනික කිරිපිටිවල මිල ගණන් ඉහළ දැමීමට ආනයනකරුවන් කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 250කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 100කින්ද ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගනු ලැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කිරි තේ මිල ඉහළට
මාලිමාගැත්තා Thursday, 10 July 2025 02:37 PM
සියල්ල ඉහළ යනකොට කවුරු හරි අල්ලලා හිරේ දාලා ඒ ගැන සමාජ කථිකාවතක් හදමු සහෝ... උගණ්ඩාවේ සල්ලි ගෙනා අපට මේවා කජුද?
nipuna Thursday, 10 July 2025 03:27 PM
ඒ කියන්නෙ මේ අය තේ එකකට පිටි පැකට් එකේ තියෙන ප්‍රමාණයෙන් දහයෙන් පංගුවක් දාන එකද?
B AmarasingheThursday, 10 July 2025 10:10 PM
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා/ එයා තමයි ඕව්වා තීරණය කරන්නේ
Nandalal DE SILVA - France Thursday, 10 July 2025 10:16 PM
ඉතින් අපි කහට තේ බොමු ! මේ ආනයනකරුවන් ගෙන්වා වැඩිමිලට පරිභෝගිකයන් හූරාකෑමට සුදානම් කර තිබෙන කිරිපිටි, ගුදම් වල කල් පනින්න ඉඩ හරින්න ... කිසිම සාධාරණයක් නැති මිල වැඩි කිරීමට දිය යුතු, දිය හැකි එකම පිළිතුර ඒකයි!!
Lalla Friday, 11 July 2025 12:08 AM
ග්‍රෑම් 400 කිරි පැකට්ටුවකින් කිරිතේ විස්සක් හදනව.රු.100 වැඩිකලාට රු 200/= හම්බ කරනව.
Duminda Jayanath Udayakumara Friday, 11 July 2025 04:21 AM
ඔය එකේවත් කිරිපිටි දන්නේ නෑ, කිරිපිටි මිල රු.100කින් වැඩි උනාම මුංගේ ලාභේ රු.500කින් ඉහල යනවා.