
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වැලි හා අඟුරුකුඩු කලවම් කර කාබනික පොහොර ලෙස සැකසීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය ස්ථානයක පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් විසින් අද දින වටලණු ලැබීය.
පෞද්ගලික සමාගමක නම සදහන් කර තිබු මෙම කාබනික පොහොර නොරෝච්චෝල ප්‍රදේශයේ දී ඇසුරුම් කරමින් සිටියදී මෙම ස්ථානය වැටලිමට පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂීකා තරංගීකා ශාමලි මහත්මිය ඇතුළු නිළධාරිහු මෙම වැටලීම සිදු කළහ.
නිළධාරින් යන විටත් මෙම ස්ථාන තුළ වැලි හා අගුරු කඩු මිශ්‍රණ අසුරමින් සිටින ආකාරය දැක ගත හැකි විය.
මෙම ස්ථානයට අමතර නොරෝච්චෝල කලපු තිරයේද කාබනික සැදිමට යැයි පවසමින් රැගෙන විත් තිබු අගුරු කුඩු, වැලි, ලුණූ මඩ ද සොයා ගත් බව කෘෂීකර්ම අධ්‍යක්ෂීකාව පැවැසුවාය.




2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කාබනික පොහොර කියා වැලි අලුයි දීලා
ඇත්ත Friday, 13 May 2022 08:52 PM
මේ අය කලිනුත් ආණ්ඩුවේ කොන්ත්‍රාත් අරන් ඇති. මේ අරගලය නිසා අවංක නිලධාරීන්ට නව පණක් ලැබීම සතුටුයි. ඒත් මේ ව්‍යාපාරයට ගෑවුණු දේශපාලකයා හොයන්න වෙනවා...
de silva Friday, 13 May 2022 10:39 PM
මේ දවස්වල සිමෙන්ති හිඟය නිසා ගොඩනැගිලි හදන්නේ නැහැ.., එම නිසා වැලි පොහොර වෙනුවට දෙනවා ඇති. ගම්වල වැලි ජාවාරම් කාරයින්ගෙන් වැඩි දෙනෙක් මහින්දගේ ගෝලයෝ...
ගොවිරාළ Saturday, 14 May 2022 06:32 AM
කාබනික ආරම්භ කළ කාලයේ මමත් හොඳයි කියපු පොහොර ටිකක් ගත්තා තේ වගාව සඳහා, ඉඩමට දැම්මා එයින් වෙච්චි සෙතක් නැහැ. ඒවා මුඩු පොල්තෙල් ගඳක් තිබුණා.. ඇල්ලුවාම අතේ තෙල් ගතියක් තිබුණා බලනකොට පෝර කියලා තිබුණේ පොල්තෙල් මෝල් අසලින් ගත් අපවිත්‍ර පස් කියලා තේරුණා. තවත් පිරිසක් කුකුල් පොහොර කියලා පස්වලට කුකුල් වසුරු හත අටක් මිශ්‍ර කළ කලුපාටවූ පස් එවනවා.. මේවාට උපරිම දඬුවම් දිය යුතුයි....
chandima Saturday, 14 May 2022 06:42 AM
මේ තණකොළ කන අයට ඕක සුළු දෙයක්නේ...!
Lalith Saturday, 14 May 2022 07:50 AM
කාබනික පොහොර සාදන ක්‍රියාවලියට අමුද්‍රව්‍ය ලංකාවේ මදි. දිරපු කොළරොඩු, දහයියා අලු කලවම්කළ දේවල් තමා වැඩියෙන්ම විකුණන්නේ. ගස්වලට දැම්මට ප්‍රයෝජනයක් නෑ. මේක තමයි අස්වැන්න අඩුවෙන්න හේතුව. දැන්වත් මේ හොරකම නවත්තන්න...