IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුළු හරකා ඩිස්නිලන්තය දෙවනත් කරයි

ලෝකයේ දෙවැනි විශාලතම ඩිස්නිලන්තය වු පැරීසියේ ඩිස්නිලන්තය එහි සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා විශාල කැපවීමකින් කටයුතු කරයි.

එසේ වුවද විවිධ අවස්ථා වලදි සිදුවන කාර්මිකදෝෂ හෝ අනපේක්ෂිත අනතුරුදායක අවස්ථා පසුගිය වකවානුවේ ඇති වුවද ඒවා එතරම් බරපතල නොවීය. මෙවැනි පරිසරයක පසුගිය 16 වෙනි බදාදා  සවස හැඩිදැඩි කුළු හරකෙක් කුලප්පු වීමෙන් මුළු ඩිස්නිලන්තයම නොසන්සුන් වුයේය.

කුලප්පු වූ කුළු හරකා ඩිස්නිලන්තයේ හෝටල් ආශ‍්‍රිත ප‍්‍රදේශයට ඇතුළුවී හිස හැරුණු හැරුණු අත දුවන්නට වූයෙන් ඩිස්නිලන්තය නැරඹීමට පැමිණි සංචාරකයෝ භීතියට පත් වුහ.

ඩිස්නි ගම්මානයට ඇතුළු වූ මේ හරකා නිව්යෝර්ක්, සෙකෝයා, නිව් ෆෝට් බේ ක්ලබ් යන සංචාරක හෝටල් ආශ‍්‍රිත උද්‍යාන හරහා නැවතත් ඩිස්නි ගම්මානය දක්වා පැමිණ  දැවැන්තයාගේ භායනක සෙල්ලම් දැක ගැනීමට සමහරක් විදේශිකයන්ට දුර්ලභ අවස්ථාවක් ලැබුණේය.

අවසානයේ  පැය දෙකකට පමණ පසු ඩිස්නිලන්තයේ ආරක්ෂක නිලධාරීන්, ප‍්‍රංශ පොලීසියේ විශේෂ කණ්ඩායමක් හා පශු වෛද්‍යවරු එකතුව කුළු හරකා මෙල්ල කළහ.

 

 

 



අදහස් (0)

කුළු හරකා ඩිස්නිලන්තය දෙවනත් කරයි

යු. එස්. ඒ Sunday, 20 October 2013 01:31 PM

මම හිතන්නේ මේක නිර්මාණය කරපු කතාවක් . පුවතක් නොමැති හෙයින් නම දමා ගන්නට නිර්මාණය කරපු . මේක මගේ ගොන් අදහසක් (නදී)

:       0       0

නන්ද පැරිස් Sunday, 20 October 2013 01:05 AM

අමුනුපුර, ඔව් මේකා මැදපෙරදිග ඉඳලා ආ එකෙක් තමයි.නමුත් පොඩි ළමයි තලන අත පත ගාන එකෙක් නොවෙයි. (නි)

:       0       0

සුගලා අමුණුපුර Friday, 18 October 2013 11:14 PM

මේකා මැදපෙරදිග ගිහින් කස පාරවල් කාගෙන පැරිස් ආපු එකෙක්ද කොහෙද නේද , ආනන්ද? (නි)

:       0       0

ජගත් Friday, 18 October 2013 05:17 PM

ඔය කුළු හරක කොයි පැත්තේ ද කලින් හිටියේ? (අ)

:       0       0

ප්‍රසාදිකා Friday, 18 October 2013 05:28 PM

අපේ කැලණිය පැත්තේ එකෙක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

සනා Saturday, 19 October 2013 06:15 PM

පශු වෛද්‍යයවරුන්ට නඩු දාන්න ඕනෙ සත්ව හිංසනයට විරුද්ධව(නදී)

:       0       0

සැන්ඩ්‍රා Friday, 18 October 2013 05:34 PM

මේ කතාව පිළිගන්න බැහැ. අපේ අහවලාත් ලංකාවෙනෙ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 October 2013 06:09 PM

ප්‍රසාදික , කැලණියේ කුළු හරක් ගැන බයවෙන්න එපා. ඔවුන්ව අල්ලලා නාස් ලනුවක් දාලා තියෙන්නේ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site