IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොළඹ වරාය තෙල් විකුණා කප්ගහලා

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය.

ආයතනය එම කාලයේදී කෝටි 222ක පමණ ආදායමක් උපයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ලක්මාල් රත්නායක මහතා මෙසේ පැවසුවේ එම ආයතන පරිශ්‍රයේදී පෙරේදා(10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රතු මුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායට නැව් පැමිණීම වැඩිවීමෙන් ආදායම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පැවසූ සභාපතිවරයා ආයතනයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තවත් ඉන්ධන ටැංකි දෙකක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

සේවකයන්ට හැකි උපරිම වරප්‍රසාද දීමෙන් ආයතනය ලාභ ලබන තත්වයට ගෙන ආ බවත් අද මෙය විදේශ විනිමය උපයන වරාය අධිකාරියට බරක් නැති ආයතනයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කොළඹ වරායට පැමිණෙන සියලුම නෞකාවලට අවශ්‍ය නැව් තෙල් සැපයීම සඳහා ගබඩා පහසුකම් සපයා දෙනු ලබන්නේ තම ආයතනය බව පැවසූ රත්නායක මහතා ආයතනයේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් දාන ශීල භාවනාවලට මුල් තැන දෙන වැඩසටහන් රැසක් මේ දිනවල ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර කෝදාගොඩ, මුදල් කොට්ඨාශ ප්‍රධානී සුගන්ධිකා ලංසාකාර සහ ඉංජිනේරු කොට්ඨාශ ප්‍රධානී නලින් විදානපතිරණ යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

 



අදහස් (3)

කොළඹ වරාය තෙල් විකුණා කප්ගහලා

dileepa1986 Wednesday, 11 September 2024 03:15 PM

ඕවා දාන්න එපා ළමයෝ. සීයා දැක්කොත් ඕකත් විකුණලා දායි...! 

:       11       25

ලසන්ත Wednesday, 11 September 2024 03:18 PM

අවුරුදු 5ට ඔච්චර ගානක් වැඩිද මන්දා! වෙන රටවල සමාන වරායන්හී තෙල් සැපැයීම සමග සසඳලා බැලුවද? ඔය ව්‍යාපාරයෙන් දවසකට ලැබෙන්නේ 420,000කටත් වඩා අඩුවෙන් නේද?

:       6       23

max Thursday, 12 September 2024 11:51 AM

රතු මුහුදේ අර්බුදය තියෙනවා වගේම අප්‍රිකා රටවල් ඔවුන්ගේ වරායන් දියුණු කරගෙන නෑ ඒකයි අපිට වාසි. ඕකේ වාසිය හැදුනේ මෙහෙමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17824 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site