බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුන් අතර පැවැති සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගත්තේය. වත්තල වැලිසර නවලෝක ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පරදවා ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරු ලකුණු 24 ක ජයක් ලැබුහ. ජයග‍්‍රාහී ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිලේ යු. ජෝර්ජ් පෙරේරා තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය. පියල් නිශාන්ත දක්‍ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත් අතර ආනන්ද හරිස්චන්ද්‍ර දක්‍ෂතම පන්දු රකින්නා ලෙස එහිදී තේරිණ. අමාත්‍ය නිමල් ලන්සා, මෙරිල් පෙරේරා, සිරිකමල් ෆිලිසියන් ද සිල්වා සහ ඩෝල්ටන් ජානක යන මන්ත‍්‍රීවරු මෙම තරගාවලිය සංවිධානය කළහ. පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ පිල ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පිල සමග ද තරග කිරීමට නියමිතය. ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පන්දුවාර 10 කදී 128 (යු.ජෝර්ජ් පෙරේරා නොදැවී 38, පියල් නිශාන්ත 44, මෙරිල් පෙරේරා 15, ගුණසිරි ජයනාත් 10, ශ්‍රීනාත් මහේන්ද්‍ර පෙර්රා 10) කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ පිල පන්දුවාර 10 කදී 104 (සුමිත් සොයිසා 22, මුජිබර් රහුමාන් 18, උපාලි කොඩිකාර 12)
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ පළාත් සභා මන්ත‍්‍රීවරු ගම්පහට පරදිති