IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ පිරවුම්හලට එල්ල වූ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා

(යොහාන් භාසුර)

මහජන උපයෝගීතා කොමිසම, කිරීම් මිනුම් දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණික ආයතනය එක්ව කළ පරීක්ෂණයේදී කොළඹ 7 ඉන්ධන පිරවුම් හල වංචාවක් කර ඇතැයි එල්ල වන චෝදනාව කිසිසේත්ම පිළිනොගන්නා බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසීය.

එම සියලුම ආයතනවල සහභාගීත්වයෙන්  කළ පරීක්ෂණයෙන් පසු පිරවුම්හලේ ලොග් සටහන් පොතේ සටහන් කර ඇත්තේ ඉන්ධන නිකුත්කිරිමේදි ප්‍රමාණයේ වෙනස් වන බවත් මෙම දිනවල සැම පිරවුම්හලකම ඉන්ධන වරින්වර සම්පූර්ණයෙන් අවසන් වන බැවින් ඉන්ධන නිකුත්කිරිමේ වෙනස් වන බව සෑම තාක්ෂණික ආයතනයක්ම පිලිගන්නා තත්ත්වයක් බවත් නාඔටුන්න මහතා කීය.

ඛනිජ තෙල් සංස්ථාවේ චක්‍රලේඛන අනුව සැම පිරවුම්හලකම භූගත තටාකවල අවම ඉන්ධන ප්‍රමාණයක් රදවා ගත යුතු වූවත් මේ වන විට පවතින සුවිශේෂ අවස්ථාව අනුව එසේ කල නොහැකි බැවින් පොම්පවල සහ නල මාර්ගවල සිදුවන යම් යම් වෙනස්කම් පිළිබඳව මෙම ආයතනය අවබෝධයෙන් කටයූතූ කළ යුතු බව කී නාඔටුන්න මහතා අදාල නිලධාරීන් නිලධාරීන් පරීක්ෂණය කරන විටද එම පිරවුම්හලේ  අදාල පොම්පවල කීරැම් මිනුම් මුද්‍රා හරියාකාරව තිබූ  බවද සඳහන් කළේය.

වංචනික ලෙස ඉන්ධන නිකුත්කිරිමක් පිලිබදව චෝදනාවක් බෙදුම්කරු වෙත එල්ල කිරීම තරයේම ප්‍රතික්ෂේප කරන අතර ඉන්ධන හිගය මත යන්ත්‍රවල සිදුවන ඌනතාවයන් සදහා බෙදුම්කරුවන්ට වගකිව නොහැකි බවද නාඔටුන්න මහතා වැඩිදුරටත් කීය.



අදහස් (2)

කොළඹ පිරවුම්හලට එල්ල වූ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා

Cisco Saturday, 01 October 2022 09:43 PM

හරි එහෙම නම් ලීටරයක් ඉල්ලුවාම ඊට වැඩියෙන් එන්නත් පුළුවන්නේ. එහෙම වැඩියෙන් එන තැන් තියෙනවාද? යන්ත්‍ර දෝෂ දෙපැත්තටම ඇතිවිය හැකියි. එහෙම නොවෙයි නම් ඒක වංචාවක්ම තමයි...!

:       0       0

Sunil Sunday, 02 October 2022 10:42 AM

උපයෝගිතා කොමිසමේ අය දැන් හැසිරෙන්නේ පිස්සන් වගේනේ. ආන්දෝලනාත්මකව දේවල් මවලා කෙරුමෙක් වෙන්නයි එයා හදන්නේ. මේ ඉන්ධන හලේ වරදක් සිදුවී නැති බවයි මගේ විශ්වාසය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 320 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site