IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’කොළඹ - නුවර’ සති අන්ත සැප දුම්රියක් අද සිට

(රේඛා තරංගනී ‌ෆොන්සේකා) 

'කොළඹ - නුවර'  ඔඩිසි නමින් නම් කල කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් අද සිට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (1)ආරම්භ කෙරිණි

අද උදෑසන හයයි තිහට පළවෙන් වේදිකාවෙන් ගමන් ඇරඹි මෙම දුම්රිය පෙරවරු 9:18 ට මහනුවරට ලගා වීමට නියමිත අතර නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වී රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළගාවීමට නියමිතය.

සෙනසුරාදා සහ ඉරිදා දෙදින නව දුම්රිය ධාවනයට එක් කරනු ලැබුවේ, දෛනික ව වැඩි වන මඟී අවශ්‍යතා අනුව බව අමාත්‍යවරයා, පැවසීය.

මෙහි මිල ගණන් පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500ක ලෙසත් පනවා ඇත.

මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම දුම්රිය යොදවා ඇත .

කොළඹ නුවර ඔඩිසි දුම්රිය වේයන්ගොඩ ගම්පහ, පේරාදෙනිය සරසවි උයන නුවර නවත්වනු ඇත



අදහස් (2)

’කොළඹ - නුවර’ සති අන්ත සැප දුම්රියක් අද සිට

siri Saturday, 01 October 2022 05:53 PM

අගය කලයුතු වැඩක්. මේ කොච්චි වල ගමන් කරන අය ඒවාට හානි වන ආකාරයට පාද ආසනමත තබාගෙන ගමන් කිරීම, දුම්රිය පෙට්ටි අපවිත්‍ර කිරීම, අප ද්‍රව්‍ය බිමට දැමීම වගේ නොමනා කම් කලොත් මතක ඇතුව කන් දෙකම රත්වෙන කල් තලන්න. නැතුව මේ රට හදන්න බැහැ.

:       2       19

සමන් - ඕමානයSunday, 02 October 2022 12:17 PM

ඇත්තෙන්ම හොඳ වැඩක්... පසුගිය දිනකදී මම "ඇල්ල ඔඩිසි" දුම්රියේ ගමන් කළෙමි. එය සුන්දර නමුත්, එක අඩුපාඩුවක් ගැන බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. දුම්රිය ගමනේදී දකින, හමුවන, සුන්දර හෝ වැදගත් ස්ථාන, සමහර විට ඒ ගැන නොදැනුවත්කම නිසා මගහැරී යයි. නමුත්, ඒවා ගැන සවුන්ඩ් සිස්ටම් එකක් යොදා කෙටි හැඳින්වීමක් කරනවා නම්, මගීන් හට හා විශේෂයෙන්ම සංචාරකයින් හට එය වැදගත් වනු ඇත. ඉංග්‍රීසි බසින් පමණක් වුවත් සෑහේ. රේකොඩින් එකක් යොදා කිරීම සුදුසුයි. නියම ස්ථානයේදී දුම්රිය නියාමක හට එය ක්‍රියාත්මක කළ හැක. සවුන්ඩ් සිස්ටම් එක මගින්, සුමුදු සංගීත ඛණ්ඩ වුවද ප්‍රචාරය කල හැක. බලධාරීන්ගේ අවධානයට මේ සටහන යොමුවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 320 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site