IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


කොළඹ නගර සභා කමිටු රැස්වීමේදී කුණු බිත්තර ප්‍රහාරයක්

(මුදිතා දයානන්ද)

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත.

කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවක දී පැවැති අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරියක බවද වාර්තාවේ.

පරිසර හා ඉඩම් ස්ථාවර කමිටුවේ සභාපතිධුරය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම සමන් අබේගුණවර්ධන යන මහත්වරු ඉදිරිපත්ව සිටියහ.

ඒ සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී ප්‍රදීප් ජයවර්ධන මහතාට ඡන්ද 4ක්ද සමන් අබේගුණවර්ධන මහතාට ඡන්ද 2ක් ද වශයෙන් ලැබී ජයවර්ධන මහතා ජයග්‍රහණය කළේය.

සමන් අබේගුණවර්ධන මහතා පරාජයට පත්වීම ඉවසාදරාගත නොහැකි වූ ඔහුට සමීපතම මන්ත්‍රීවරියක එහිදී මෙම කුණු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇතැයි ද වාර්තාවේ.

රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමත් සමග මන්ත්‍රීවරිය සිය අත්බෑගයේ සඟවාගෙන සිටි යමක් එළියට ගෙන ප්‍රදීප් ජයවර්ධන මහතා දෙසට දමා ගැසූ බව එම අවස්ථාවේ සිටි නාගරික මන්ත්‍රීවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම බෑගය වැනි දෙයක් ප්‍රදීප් ජයවර්ධන මහතාගේ හිසට වැදී පුපුරා ගිය බව ද ප්‍රදිප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ මුළු ශරීරයම දුගඳ හමන කුණු බිත්තරවලින් පෙඟී ගිය බව ද ඔහු කීය.

කුණු බිත්තර ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව නාගරික මන්ත්‍රීවරුන් දෙපිරිසකට බෙදී එකිනෙකාට චෝදනා කරමින් ඝෝෂාකර ගන්නට වූහ.

එම නිසා කොළඹ මහ නගර සභාවේ කමිටු ශාලා එකම ගාලගෝට්ටියක් බවට පත් විය.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මැදිහත් වී සිද්ධිය සමථයට පත් ක​ළේය.

ප්‍රදීප් ජයවර්ධන මහතා පසුව වෙනත් ඇඳුමක් ඇඳගෙන එම ස්ථානයෙන් පිටව ගිය බව ද එම නාගරික මන්ත්‍රීවරයා පැවසීය.

ප්‍රදීප් ජයවර්ධන මහතා සිද්ධිය සම්බන්ධයෙන් නාගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට සහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලිකර තිබේ.

 



අදහස් (6)

කොළඹ නගර සභා කමිටු රැස්වීමේදී කුණු බිත්තර ප්‍රහාරයක්

මැක්ස් Monday, 31 January 2022 07:42 PM

මෙවැනි කෂඩ, තුප්පහි කාන්තාවක නගර සබාවට එන්න චන්දෙ දීපු අයට එල්ල කරපු ප්‍රහාරයක් මේක. ප්‍රදීප් මහතා ප්‍රභු පවුලක වැදගත් පුද්ගලයෙක්. ජේ. ආර්. මහතාගේ මුණුපුරා. එහෙම මිනිසුන්ටත් මෙහෙම වෙනකොට වැදගත් මිනිස්සු දේශපාලනේට එයි ද! එතකොටත් දිනන්නේ මේ වගේ අසමජ්ජාති පුද්ගලයින්. එම නිසා මැයට එරෙහිව වහා වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අනිත් අතට මෙය එක්තරා අන්දමක දයිවයේ සරදමක්. ලංකාවේ දේශපාලනය මේ වගේ පහත අධම තත්වයට ගෙනෙන්න ජේ. ආර්. මහතා සැහෙන්න වැඩ කොටසක් කළා. එතුමාගේ මුණුපුර අද එහි ගොදුරක් වෙලා.

:       0       1

චින්තක Monday, 31 January 2022 07:45 PM

ප්‍රදීප් ජයවර්ධන කියන්නෙ ජේආර්ගෙ මුණුබුරා නම් හොද වැඩේ තමන්ගෙ ආතා ඉහළම තත්වයට පත්කල පක්ෂය විනාශ කිරීම වෙනුවෙන් මෙහෙම වීම ඉතාම සාධාරණයි බල්ලො එක්ක ලැග්ගනම් මැක්කොත් එක්කම ඉන්න වෙනවා

:       0       1

nimal Monday, 31 January 2022 09:26 PM

කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය එල්ල කිරිමම පරිසර හානියකි

:       0       1

chandima Monday, 31 January 2022 10:43 PM

manthri thumiya ahala pahalama unnanam kunu biththara pirin badaagaththanam wade iwarayine. aye polisi yanna onath naha.

:       0       1

Bamunuarachchi Tuesday, 01 February 2022 09:56 AM

කුණු බිත්තර වලටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා වගෙයි.

:       0       1

Bamunuarachchi Tuesday, 01 February 2022 09:58 AM

මොන පැමිණිලිද හලෝ අනික් දවසේ උන්ට ශුචි ගහනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1987 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 737 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 858 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 277 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 662 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 552 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1078 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1451 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 378 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site