IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළඹ තරු හෝටලේදී තරුණියකට තරු පෙන්වූ කෝටිපතියෙක් අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ තරු පහේ හෝටලයකදී තරුණියක දූෂණය කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ ප්‍රදේශයේ පිහිටි ශිෂ්‍ය වීසා මත තරුණ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකි.

දූෂණයට ලක්වූයේ යැයි කියන තරුණිය ද එම ආයතනයේ සේවය කරන තැනැත්තියක යැයි පොලීසිය සඳහන් කරයි.

කොළඹ තරු පහේ හෝටලයක ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින්, එයට පැමිණෙන ලෙස සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මෙම තරුණියට ද දැනුම්දී ඇතැයි කියති.

කෝටිපති ව්‍යාපාරිකයාගේ දැනුම්දීම මත තරුණිය ද එම තරු පහේ හෝටලයට ගොස් ඇත.

සැකකරු එම හෝටලයේ රැස්වීම් ශාලාවක් කල් තියා වෙන් කරගෙන තිබී ඇති අතර, තරුණ සේවිකාව එම ශාලාවට ගිය අවස්ථාවේ දොර වසා, ඇය දූෂණයට ලක්කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

තරුණිය මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කොට්ඨාසයට පැමිණිලි කර ඇත.

තරුණිය කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා, කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

දූෂණයට ලක්වූයේ යැයි කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කරනු ලැබුවාය.

තරුණිය කැමැත්තෙන් තමා සමග පැමිණි බව සැකකරු පොලීසියට පවසා ඇතැයි ද කියති.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත, එම දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම යටතේ, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්තිකා මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

කොළඹ තරු හෝටලේදී තරුණියකට තරු පෙන්වූ කෝටිපතියෙක් අත්අඩංගුවට

Demuni Uduwara Wednesday, 19 July 2023 03:31 AM

දැඩි සිරදඬුවමක් අනිවාර්යයි!

:       3       15

chandima Wednesday, 19 July 2023 05:26 AM

කැමැත්තෙන් ගියත් නෑ කියලා මහමුහුදින් වතුර බින්දුවක් ගත්තට වරදක් නැහැ .ඒගොල්ලෝ ව්‍යාපාරිකයින් නේ .මොකද අබ ඇටයක් නිකන් දෙන කට්ටියද ?නෑ නේ

:       6       6

kegalla Monday, 31 July 2023 01:17 PM

මිනිහගෙන් ගාණක් කඩාගන්න අටවපු අටවිල්ලක් වෙන්නත් පුළුවන්... මම දන්නා කෙනෙක්ටත් මෙහෙම වුණා. සංවිධානාත්මකව බලෙන් කරගෙන බයකරලා නඩු දාලා ගැන කඩාගන්න පිරිසක් දැන් දැන් කොළඹ ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site