
(යොහාන් භාසුර සහ බුද්ධික කුමාරසිරි)
කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර හේතුවෙන් ගැලවී යෑමෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට බොරපැහැ ජලය ලැබෙන බව ජනතාව පවසති.
එම තත්වය හේතුවෙන් අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (3) පස්වරුවේ පැවසීය.
එම තත්වය හේතුවෙන් පෙරවරු 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයෙන් ජලය සැපයෙන බවත් ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයෙන් ජල ලැබෙනු ඇති බවත් එම නිලධාරියා කීය.
ගැලවී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
(ඡායා බුද්ධික කුමාරසිරි)



2025 දෙසැම්බර් මස 18
510
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ජනතාවට බොර වතුර