(අංජුල මහික වීරරත්න)
මෙම වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්ම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. කොළඹ නාගරික කලාපයේ මෙන්ම කොළඹින් පිටත ප්‍රදේශවල ගංවතුර ගැලීම අවම කිරීමේ ව්‍යාපෘතිද ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් හඳුනාගෙන ඇති බවද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්වේ.
ඒ අනුව මෙම වසරේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,100 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. මෙම ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
537
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ගංවතුර කැබිනට්ටුවටත් යයි
පප්ප Sunday, 11 June 2023 04:37 PM
ඒ ගංවතුරෙ වත් මේක ගිලිලා යනවා නම් රටට සෙතක්...!
Cisco Sunday, 11 June 2023 06:48 PM
කොළඹ ගංවතුර පාලනයට උමං මාර්ග සාදන ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුව හෝ ලෝක බැංකු ණය අරගෙන ක්‍රියාත්මක වුණා. මම දන්නා තරමින් තම ව්‍යාපෘතිය සම්පූර්ණ කළේ නැහැ. එහෙම තියෙද්දී අළුත් එකකට මුදල් වෙන් කිරීමකට අනුමැතිය ඉල්ලීම පිළිබඳ ගැඹුරින් සොයාබැලිය යුතුයි. අර වගේ ආයතනයකින් ණයක් දෙනවිට අසම්පූර්ණ වන ව්‍යාපෘතියකට ණය දෙන්නේ නැහැ...
fairoos Sunday, 11 June 2023 07:27 PM
ප්‍රසන්නගේ අප්‍රසන්න වැඩ...
සල්ලි Sunday, 11 June 2023 07:27 PM
මිනිස්සුන්ට තියන ප්‍රශ්නයි මොවුන්ට තියන ප්‍රශ්නයි හාත්පසින් වෙනස්...