අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක සවි කැර තිබිණැයි කියන නවීන වීඩියෝ කැමරාව සම්බන්ධ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත් වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කැර ඇත.
මේ සඳහා විශේෂ නිලධාරී කණ්ඩායමක් රෝහලට යැවීමට නිමිත යැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.
දින හතරකට පමණ පෙර කාන්තා වැසිකිළියේ සවි කැර තිබු නවීන වීඩීයෝ කැමරාව රෝහල් නිලධාරිනියක විසින් මුලින්ම දැක ඇත.
ඒ පිළිබඳව රෝහලේ පරිපාලන අධිකාරියට දැනුම් දීමෙන් පසු අනුරාධපුර පොලීසියට පැමිණීලි කරන ළදැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා පැවසීය.
එම පැමිණිල්ල අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් රෝහලට ගොස් සිදු කළ සමීක්ෂණ අනුව වීඩියෝ කැමරාව සොයාගෙන ඇත.
මෙය කාගේ ක්‍රියාවක් ද යන්න අණාවරණය වී නැත.රෝහල් කාර්ය මණ්ඩලයේ කාන්තා නිලධාරිනියන් සදහා රෝහලේ පැරැණි ගොඩනැඟිල්ලේ උඩුමහලේ මෙම වැසිකිළිය පිහිටුවා ඇත.
රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට කැර ඇති දැනුම්දීම මත මේ ගැන විශේෂ පරීක්ෂණ අමාත්‍යංශ මට්ටමින් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹින් විශේෂ කණ්ඩායමක් අපුරේ
සත්‍යයා Friday, 27 December 2013 06:33 AM
ගැහැනියකට නිදහසේ වැසිකිලි කෘත්‍යය කරන්න වත් ඉඩ නොදෙන තත්වයට ලංකාව පත්වෙලා. ක්‍රි.පු 2 සියවසේ බිත්ති හතරකින් ආවරණය වූ කුටියක වැසිකිලි කෘත්‍යය කරන්න තරම් අනුරාධපුරයේ විසු අපේ මුතුන් මිත්තෝ ශිෂ්ට උනා. එහෙත් අහෝ අද? (නදී)
නැනි Friday, 27 December 2013 10:20 AM
ඇතුලෙම වැඩක් මහිතේ ! (අ)
ආරියසේන Thursday, 26 December 2013 08:57 PM
රෝහලේ අධ්‍යක්ෂ තුමා සහ කාර්ය මණ්ඩලය මේ ගැන හොදට හොයන්න(දිල්)
ශිරාණි Thursday, 26 December 2013 09:25 PM
කලින් කීවා නේද වෛද්‍යවරයෙකු මේකට සම්බන්ධයි කියල. දැන් බයවෙලාද. බලාගෙන මේ ගොල්ලෝ වර්ජනය කරන්න පටන් ගනී.(නදී)