IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹ ඇවිත් කා බී තෑගිත් අරන් යති

සමාජවාදයේ පියා නමින් කැපවුණු තැනක මංගල සටන ආරම්භ කැරිණි. ඒ සටනට ආපු අයට වරදානද ලැබුණාලු. බලය නැති කාලෙත් මේ වරදාන ලැබෙනවාලු. ගෑණුන්ට කුඩයක් හා පිරිමින්ට සැර ජාතියක් ලැබුණාලු. ගැහැණුන්ට අව් රශ්මිය දරා ගැනීමට නොහැකි නිසා කුඩයක් ලබාදුන් අතර පිරිමි අයට රස්නය උපදවන සැර ජාතියක් ලබාදුන්නාලු.

මේවා ලබාදුන්නේ සංවිධායකයෝ කොළොම්පුරයට ගෙනා අයටලු. රක්ත හා නීල වර්ණ හිස් වැසුම්ද ලැබිණි. බත් පාර්සලයක් ද ඔවුනට ලැබිණි. හවස 4ට පමණ ඇනවුම් කළ බත් පාර්සලය සවස 7.30ට පමණ ඇස්වාට්ටුව ප්‍රදේශයේ තණබිස්සේ වාඩිවී ආහාරයට ගන්නා අයුරු දැකිය හැකි විය.

ඔවුන්ට එය විනෝද ජනක අවස්ථාවක් විය. ප්‍රවාහනය නොමිලේය. ආහාර පාන නොමිලේය. තෑගි බෝගත් හිමිවිය.

ඔවුන් දැන සිටියේ තමන් කොළොම්පුරයට ආ බව පමණක්ලු. බර වචන යොදා රැලිය ඇමතූ බොහෝ දෙනාගේ නම් පවා ඔවුන් දැන සිටියේ නැතිලු. ඒවා තේරුණේද නැතිලු. නැවත ගම රට යනවිට මහ රෑ 12ත් පහුවෙලාලු. සමහර අය දෙපයින් ද ඇතැම් අය හතර ගාතෙන් ද ගියාලු.

 



අදහස් (0)

කොළඹ ඇවිත් කා බී තෑගිත් අරන් යති

නිම්මි Friday, 18 March 2016 03:46 PM

හිතේ අමාරුවට දාපු එකක්. මෙයා කියන විදිහට කෑම නොකා වෙන්න ඇති මේවට එන්න ඕනේ. කලින් රැලියේ නාකි ආච්චිලා ජෝගි නටවන එක හරි ලස්සන ඇති. අමෙරිකාවෙත් මෙහෙමද දන් නෑ. ඇමරිකන් උන තියන අයනේ දැන් රට කරන්නේ. (රේ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 20 March 2016 12:54 AM

අනෙක් අයගේ රැලි වලට එන අයට තෑගී ලැබෙන්නේ නැද්ද? අපි අද ඊයේ ඉපදුනා කියලද හිතන්නේ? ඉදිරියට ඔබගේ රැලිවලට එන අයට සිංහලත් බැරිවෙයි (නි)

:       0       0

සුරංග පෙරේරා Sunday, 20 March 2016 05:01 AM

ඔය සෙනග ඔක්කොම එක එක ඇමැතිලාගේ වටේ ඉඳන් මුට්ටි අල්ලන කට්ටිය. ඔක්කොම බස් වලින් ගෙනල්ල පුරවල කැමරාවට පෙන්නවා දස දහස් ගණන් අවා කියලා. (ර)

:       0       0

සුනිල් Friday, 18 March 2016 10:54 AM

මොනවා වුණත් රනිල්ගේ එකට වැඩිය සිය දහස් ගුණයක් මේකේ සෙනඟ හිටිය බව නම් අපි දැක්කා. (නි)

:       0       0

මහින්ද Friday, 18 March 2016 07:03 PM

අපිත් ගියා. අපිට නම් වතුරවත් ලැබුනේ නැහැ (නි)

:       0       0

කමල් Saturday, 19 March 2016 08:22 AM

සාගර, මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

සාගර Friday, 18 March 2016 06:37 AM

රනිල්ගේ එකේ සෙනග නෑ (බ)

:       0       0

බෙන්තර මහේෂ් Friday, 18 March 2016 06:38 AM

එහෙම තමයි කවදත් මේ අය. මිනිසුන් මේවාට එන්නේ ඔය දේවල් සහ රැකියා ඇතුළු අනෙකුත් වරදාන බලාපොරොත්තුවෙන් මිස ඔය කියන මාතෘ භූමියකට ඇති ආදරයකට නෙමෙයි. නමුත් එයාල හිතන්නේ තමන්ගේ බොරුවලට රැවටිලා කියලා. එහෙත් ජවිපෙ රැස්වීමකට එන සියලු දෙනා එන්නේ ඔය කිසිවක් බලාපොරොත්තුවෙන් නොව විවිධ කැපකිරීම් මධ්‍යයේ. (බ)

:       0       0

චින්තක Saturday, 19 March 2016 09:35 AM

මහා ජන ගඟක්, එකම හිස් ගොඩක්, දැන් පාලකයන්ට උණ ගනී. මහින්ද ඉදිරියටම යන්න ඕනෑ

:       0       0

කුමාර් Friday, 18 March 2016 08:43 AM

අනේ හැබෑට ඇස් දෙක ඇරලා බලන්න තරම් බුද්ධියක් අපේ මිනිසුන්ට නැති හැටි? (නි)

:       0       0

උපාලි Saturday, 19 March 2016 11:55 AM

මේ රැස්වීම් වලට එන්නේ කොටස් තුනයි. මේ පැත්තේ අය, මේ පැත්තේ නොවන අය සහ නිකන් එන අය. ඒ නිසා සෙනඟ සංඛ්‍යාවෙන් සාර්ථකත්වය මැන්නොත් අමාරුවේ. දැක්කේ නැද්ද, සරත් ෆොන්සේකා මහත්තයා ජනපතිවරණයෙන් පැරදුනාම කිව්ව දේ. "හිටපු සෙනඟේ හැටියට මේ ප්‍රතිඵලය වැරදියි" (නි)

:       0       0

ශශීන් Saturday, 19 March 2016 01:53 AM

සමහරුන්ට නම් සෑහෙන හිතට අමාරුයි වගේ (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 19 March 2016 12:52 PM

මොන රැලිය ගැනත් අපිට කියන්න තියෙන්නේ මේක තමයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 March 2016 08:55 AM

ඡන්ද දායකයාගේ බුද්දිය මොට කිරීමක් විනා බුද්දිය අවදි නොකරන බත් පතට අරක්කු ටිකට හැමදාමත් රැවටිය හැකිද ? (ර)

:       0       0

වසන්ත Friday, 18 March 2016 09:23 AM

එදා කළෙත් ඕකමයි. අද කරන්නෙත් ඒකමයි. පොඩි මිනිහා රැවටෙනවා (නි)

:       0       0

රන්ජිත් Saturday, 19 March 2016 06:37 PM

සමහරු සෑහෙන බයවෙලා වගේ සෙනඟ දැකලා (නි)

:       0       0

සමන් කරුණාතිලක Friday, 18 March 2016 09:30 AM

අර අනිත් රැලියට ආවේ නිකන් වෙන්න ඇති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site