IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කළපු සංවර්ධනයට වෙන් කළ මුදල් දේශපාලන වැඩට අරං

මීගමු කළපු සංවර්ධනයට වෙන් කළ මුදලින් රුපියල් කෝටි එක හමාරකට අධික මුදල් වැය කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක සමරු පළකයක් ඉදිකරමින් රජයේ මුදල් අවභාවිත කළැයි හෙළි වී ඇති ධීවර සංස්ථාවේ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනකු දැනට දරන තනතුරුවලින් වහාම ඉවත් කරන්නැයි බරපතල දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම එම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

එක් නිලධාරියකු ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරන අතර අනෙක් නිලධාරියා දැන් පොහොර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

මේ නිලධාරීන් දෙදෙනා එම තනතුරේ තබා ගැනීම, මුදල් අවභාවිත කිරීමට අනෙක් නිලධාරීන්ට දෙන අනුබලයක් යැයි ද කොමිසම බලධාරීන්ට දැනුම් දී තිබේ.



අදහස් (0)

කළපු සංවර්ධනයට වෙන් කළ මුදල් දේශපාලන වැඩට අරං

වින්සන්ට් Sunday, 22 November 2015 09:31 PM

රාජ්‍ය වත්කම් අවභාවිතයට ඊට වගකිවයුත්තන් තනතුරු වලින් පමණක් ඉවත් කරන්නේ නම් එයද වාසනාවකි. ඊළඟ මහමැතිවරණයකදී ජයග්‍රහණය කරන විරුද්ධ පාර්ශවයකට කැපීපෙනෙන සහයෝගයක් ලබාදීමෙන් නැවත වන්දියකුත් සමඟ දැනට වඩා උසස් තනතුරක් ලැබීමේ මේ දක්වා පවතින තත්ත්වයේ වෙනසක්ද ඇතිවිය යුතුය. (නි)

:       0       0

කිත්සිරි Sunday, 22 November 2015 10:26 PM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ප්‍රින්ස් Monday, 23 November 2015 09:48 AM

ඔව් නැත්නම් පරීක්ෂණවලට බාධයිනේ (බ)

:       0       0

ගීත් Monday, 23 November 2015 04:05 AM

දහම්, බරපතල දූෂණ වංචා කොමිසමට ඒ බලය තිබෙනවා. දන්නේ නෑ කිව්වා නිසා දැනගන්නයි කිව්වේ.(ම)

:       0       0

දහම් Sunday, 22 November 2015 10:36 AM

දන්නේ නැති නිසා අහන්නේ. නඩු අහලා තීන්දුවක් දෙන්න පෙර මෙහෙම නියෝග දීලා නිලධාරීන් අස්කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ගමගේ Sunday, 22 November 2015 02:35 PM

මොවුන් දෙදෙනා මුදල් අවභාවිතය කර ඇත්නම් තනතුරු වලින් නිදහස් කිරීම නොව මොවුන්ට විරුද්ධව ක්‍රියාකර මුදල් අයකරගත යුතුය. මන්ද මේ අපේ මුදල් බැවිනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site