IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

(සුමිත් පොතුපිටිය)

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස  කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අද (12) නියෝග කලාය.

කළුතර දකුණ , ඉසුරු උයන , අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ  රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන  ලදී.

කළුතර දකුණ , ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී සිටීයදී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, "සැනසුම", අංක 115 ලිපිනයේ පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන පෙරේදා (10)  කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කොට පැය 48 ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි

පොලිසිය විසින් සැකකරුට අයත් රුපියල් 94,000  ක මුදල, බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර භාරයට ගෙන ඇති බව විත්තියේ නීතිඥ  සරත් කරවිට මහතා  අධිකරණය හමුවේ කියා සිටියේය.

එම දෑ අද උදෑසන වනවිටත් භාරදී නොමැති බැවින් නිවසේ ඇති කරන සුනඛයන්ද නිරාහාරව සිටින බව සදහන් කල විත්තියේ නීතිඥ වරයා  ගරු අධිකරණයෙන් ඉල්ලා  සිටියේ සැකකරු වෙත එම දැ භාරදෙන ලෙසට පොලිසියට නියෝග කරන  ලෙසය.

එහිදී පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතා සදහන් කලේ සැකකරු අද දිනයේ ගරු අධිකරණය හමුවට පැමිණවීමට පෙර රුපියල් අනුහතර දහසක මුදල , බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර බිරිඳ ඉදිරියේ සැකකරු වෙත භාරදුන් බවයි.

මෙම මරණය  සියදිවි නසාගැනීමක්ද ? නොඑසේ නම් මනුෂ්‍ය ඝාතනයක්ද ? යන්න මෙතෙක් නිගමනය වී නොමැති බවත්, මියගොස් ඇති දැරියට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබදුන්නේ කවුරුන්ද යන්න සොයාගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත්වී ඇති බවත් අධිකරණය හමුවේ කියාසිටි  විත්තියේ නීතිඥ මහතා ඉල්ලා සිටියේ සැකකරු හෘද රෝගයෙන් පෙලෙන බැවින් බන්ධනාගාරය තුලදී  විශේෂ  ආරක්ෂාවක් සලසන ලෙසය.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය සදහන් කලේ සැකකරුට ආරක්ෂාව සැලසීම බන්ධනාගාරය සතු වගකිමක් බවත් එය අධිකරණයේ වගකීමක් බවත්ය.

දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය  සැකකරුගේ දත් පහරවල්ද  යන්න පරීක්ෂා කිරීම සදහා වෝහාරික වෛද්‍යවරයෙකු හමුවට පැමිණවීමට අවසර ලබාදෙන ලෙස උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා අධිකරණයෙන්  ඉල්ලා සිටියේය.

එහිදී 2023 මැයි මස 16 දා සැකකරු වෝහරික වෛද්‍යවරයකු හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කලාය.

නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණ ශාලව තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශ නිළධාරීන් රැදී සිටි අතර ,දැරියගේ මරණය සම්බන්දයෙන් අද දින සිට ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරන බවටද අධිකරණයේදී කරුණු අණාවරණය විය.

පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා , උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක වරුන්වන පොල්වත්ත සහ මැදගම යන නිළධාරීන්ද පෙනීසිටීයහ.

නඩුව ලබන මැයි 26 යලි කැදවීමට නියමිතයි.

කළුතර දකුණ පොලිසියේ  නිළධාරීන් පිරිසක් අදත් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන එන ලදී.



අදහස් (0)

කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 298 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 821 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1239 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site