IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කළුතර සිද්ධියේ සැකකරු රඳවාගන්න අවසර

(සුමිත් පොතුපිටිය) 

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අවසර දුන්නාය.

කළුතර දකුණ , ඉසුරු උයන , පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ  රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබාදෙන ලදී.

කළුතර දකුණ , ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටීසිටීයදී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් ප්‍රධාන සැකකරු, පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා විය.

සැකකරු එදින මියගොස් ඇති දැරිය සමග හෝටලයේ කාමර අංක 7 හි එකට මත්පැන් පානය කරමින් සිටී බවට අණාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

ඒ අනුව පරීක්ෂණ මෙතෙක් නිමකර නොමැති බැවින් ඉදිරි විමර්ශන සදහා පැය 24 ක් ප්‍රමාණවත් නොවන බවත් සදහන් කරමින් ඉදිරි පැය 48 ක් සදහා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (3)

කළුතර සිද්ධියේ සැකකරු රඳවාගන්න අවසර

Rosa Wednesday, 10 May 2023 03:11 PM

බලන්න අප්පා මේ අහිංසක මනුස්සයට දෙන වද ...මෙයා කාමරේ ඉඳගෙන අවවාද ටිකක් දෙන්න ඇති ඊ ගෑනු ළමයට .. බලන්න මේ උතුම් ,පුරුෂයා සියලු අභූත චෝදනා වලින් නිදහස් වෙන්නැද්ද කියලා ....

:       0       4

BamunuarachchiWednesday, 10 May 2023 05:13 PM

Rosa ඔයාවත් කාමරවලට ගෙනිච්ච අය එහෙමද කළේ?

:       1       2

lankaputha Thursday, 11 May 2023 07:48 AM

බාලවයස්කාර දැරියකට අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල නොවන්නේ ඇයි? භාරකරුවන්ගෙන් බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාම. ව්‍යාජ අනන්‍යතාවයක් ලබා දීම. අමනාපයක් සමඟ ලිංගිකව හැසිරීමට කාමරයක් වෙන්කර ගැනීම. අඩු වයසින් මත්පැන් පානය කිරීමට බල කිරීම. මිනීමැරුම් දර්ශනයකින් බේරීම. පොලිසියෙන් හැංගිලා. ඔය බල්ලව හිරේ දාන්න තව නඩු... මගේ සත දෙකේ මෙයා දේශපාලන හෙංචයියෙක්, දේශබන්දු නඩුව දාන්නේ ඌව එලියට දාන්න තරම් දොර ඇරගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site