
(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
කළුතර දිස්ත්‍රික්කය පුරා (01) අද එක දින පැවති වැසි තත්ත්වය හේතුවෙන් අද සවස (5.00) පමණ වන විට දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ගංවතුරෙන් යටව පවතී.
ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුඩලිගම අගලවත්ත, මාර්ගයේ දූල්ඇල්ල, ප්‍රදේශය, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න හන්දිය, සහ වලගෙදර වත්ත ප්‍රදේශය, මතුගම කළුතර මාර්ගයේ පාන්තිය සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුරලිය මාර්ගයේ මිදලන, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉංගිරිය හොරණ මාර්ගයේ බෝධිනාගල හන්දිය, යන ස්ථාන මේ වන විට ජලයෙන් යටව පවතී.
ග්‍රාම සේවා වසම් 33 ක පවුල් 325 ක පුද්ගලයන් 1202 අපදාවට ලක්ව තිබේ, ඒ අනුව සිදු වූ ආපදාවන් අතර පස්කන්ඩි කඩා වැටීම් (06) පීඩාවට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාව (27) අකුණු සැර මගින් හානි සිදු වූ සාමාජිකයන් (08) තද සුළං හේතුවෙන් පවුල් (02) සාමාජිකයන් (06) දෙනෙකු ද ගංවතුර හේතුවෙන් පවුල් (03 ) සාමාජිකයන් (09) දෙනෙකු ද ආපදාවට ලක්ව ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් එම් .ඒ. පී .එස්. පෙරේරා මහතා සඳහන් කරයි.
තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ආපදාවට ලක් වූ පුද්ගලයන් වැලිපැන්න බටහිර හොලින් බෝන් ප්‍රජාශලාව, මුස්ලිම් දේවස්ථානය හා බදුගම නව ජනපදය ප්‍රජාශාලාව යන ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇතැයි ලුතිනන් කර්නල් එම්,ඒ පි,එස් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර දිස්ත්‍රික්කයේ ගම් රැසක් ජලයෙන් යටවෙයි
Ruwan De Silva Sunday, 02 June 2024 01:10 PM
පාලිත තෙවරප්පෙරුම මහත්තයා හිටියා නම් මේ පාරත් උදව් කරනවා ගංවතුරට හව්වෙච්චි අයට... අපේ කරුමෙට ඒ මහත්තයා නෑ...