IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කළුතර දැරියගේ සිද්ධියට ලැගුම්හල් හිමිකරුගේ බිරිය අල්ලයි

(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී  16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අද පස්වරුවේ එම ලැගුම්හලේ හිමිකරුගේ බිරිය අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය ලැගුම්ගෙන සිටී කළුතර ගාලු පාරේ පිහිටි සිසිලියන් වෝක් ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිද බව පොලිසිය කීය.

ඇය එදින ලැගුම්හලේ පිළිගැනීමේ නිළධාරීනිය ලෙස කටයුතු කර ඇති අතර ,කළුතර ,කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැව්රිදි කාන්තාවක බවද සදහන් වේ.

ඇය වෙනත් වැඩිහිටි තරුණියකගේ හැදුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හලේ නවාතැන් ලබාදී ඇති බව සදහන් වේ.

ජාතික හැදුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදු නොකර බාලවස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබා ගැනීම සදහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

 



අදහස් (3)

කළුතර දැරියගේ සිද්ධියට ලැගුම්හල් හිමිකරුගේ බිරිය අල්ලයි

Pradeep Kumara Thursday, 11 May 2023 04:19 PM

කුමන දෙයක් කර හෝ මුදල් ඉපයිය යුතුයැයි සිතනා මෙවන් අයට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න. ඇයටත් මෙවැනි දරුවන් ඇති. නමුත් මුදලට ඇති ගිජුකම ඒ මානව දයා ගුණ සියල්ලම අභිබවා ගොස් ඇත.

:       14       37

Prasanka Thursday, 11 May 2023 04:51 PM

කාට වුණත් ID පින්තූරවලින් අඳුරගන්න බෑ. මෙයාව රවට්ටලා තියෙන්නේ...

:       0       2

Bamunuarachchi Thursday, 11 May 2023 05:29 PM

අත්අඩංගුවට ගත්ත හේතු සාධාරණයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site