IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කළුතර ජනතාවට හදිසි දැනුම්දීමක්

(කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස්  අගලවත්ත කුඩලිගම මාර්ගය දූල්ඇල්ල ප්‍රදේශය  ජලයෙන් යට වෙමින් පවතින අයුරු)

(ලක්මි කුඩලිගම)

කළුතර දිස්ත්‍රික්කයට  ඇදහැලෙන ධාරානිපාත  වර්ෂාවත්  සමග  ඉදිරි පැය කිපයේදී කළුතර  දිස්ත්‍රික්කයට  හදිසි ගංවතුර තත්වයක්  ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන්  සිටින්නැයි", ආපදා කළමනාකරණ  ඒකකය කියයි.

කුකුලේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක්  අද (02) පෙරවරු  9.30 වනවිට විවෘත කර තිබේ.

ඉන්  තත්පරයට ඝන මිටර් 150ක ජල ධාරිතාවක් කුඩා ගඟට  මුදාහැරෙන බැවින්  ගඟ පහළ පදිංචි කරුවන් විමසිලිමත්ව කටයුතු  කරන්නැයි,  කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ  සහකාර අධ්‍යක්ෂ  කර්නල්  අරවින්ද අමරසේකර මහතා කීවේය.

අද උදෑසන සිට මගුරු ගඟ පිටාර ගැලිමෙන් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  හැඩිගල්ල බදුරලිය  මාර්ගයේ  ගඟ ළඟ කොටස ජලයෙන් යටව ගමනා ගමනයට බාධා පැමිණි  තිබේ.

කලවාන - බදුරලිය මාර්ගයේ මිදලන සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පී.එස්.හංදිය, අගලවත්ත කුඩලිගම  මාර්ගයේ  දුල් ඇල්ල ප්‍රදේශය,  වලල්ලාවිට අවිත්තාව මාර්ගයේ  තොටහ, යන ප්‍රදේශ  ජලයෙන් යටව ගමනා ගමන කටයුතු  වලට බාධා පැමිණ  ඇතැයි  කළුතර දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ ඒකකය කියයි.

මාර්ග ජලයෙන් යටව ඇති ප්‍රදේශවල  සාමන්‍ය පෙළ විභාගයට පෙනිසිටින දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩල සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් ලබා දි ඇතැයි ද සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර මහතා කීවේය.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ,බුලත්සිංහල අගලවත්ත ,මතුගම ,සහ වළල්ලාවිට  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා  විමසිලිමත්ව සිටිමේ අදියර එක යටතේ නාය යාමේ අවදානම් නිවේදන නිකුත්කර ඇතැයි  දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ  කර්නල් අරවින්ද අමරසේකර මහතා කීවේය.

 



අදහස් (1)

කළුතර ජනතාවට හදිසි දැනුම්දීමක්

සල්ලි Friday, 02 June 2023 10:35 PM

ඔය යට වෙන ලොකේෂන්වල වැඩිපුර උස්සලා පාර හදපල්ලකෝ වෝටර් බැලන්ස් වෙන්න කල්වට් දාලා, අපරාදේ නෙළුම් කුළුණ හදපු සල්ලිවලින් හදන්න තිබුණේ... එහෙමත් නැත්නම් රොකට් ඇරපු සල්ලි වලින්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site