IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කළුතර එම්බාම් හල ඉවතට

කළුතර නගර සභා බල ප්‍රදේශයේ ජනාශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන යන බව කියන මෘත ශරීර එම්බාම් කිරීමේ ස්ථානයක් ඉවත් කර වෙනත් සුසුදු ස්ථානයකට ගෙය යන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය කළුතර නගර සභාවේ ලේකම්ට දැනුම් දී තිබේ.මෙවැනි ව්‍යාපාර ජන ශුන්‍ය  තැන්හි පවත්වාගෙන යා යුතු බවත් අපද්‍රව්‍ය ඉවත් කිරිමේ  ක්‍රම අකුරටම පිළීපැදිය යුතු බව රජය කියයි.

සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතාට ලැබුණු පැමිණිල්ලක් මධ්‍යඹ පරිසර අධිකාරියේ සභාපතිට යොමු කිරීමෙන් පසු පෙබරවාරි පස් වැනි දා එම ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර මෙම නිර්දේශය ලබා දී ඇත.

මල් ශාලාවේ මෘත ශරීර එම්බාම් කිරීමෙන් පසු ඉවත් කරන ලේ සහ ෆෝමලින් මිශ්‍ර අප ජලය එහි කාමරයක වළක් හාරා ඊට යොමු කර ඇති බවත්, මල්ශාලාව අස ඇති ගොඩනැගිල්ලේ ඇතුළත ෆෝමලීන් වායුව ඉතා අධික ලෙස පැතිරී ඇති බවත් මධ්‍යම පරිසර අධිකරිය කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

ෆෝමලීන් මිශ්‍ර ජලය මුදා හරින ටැංකියෙන් එම අපිරිසිදු ජලය ඒ අසල ළිංවලට මුසුවීමේ ඉඩ කඩ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවල මෘත ශරීර වලින් ඉවත් කරන ලේ සහ ෆෝමලින් මිශ්‍ර අපජලය පොදු කානුවට මුදා හරින බව කියන මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දී ඇත්තේ මල්ශාලාව තුළ ඇති අප ජලය ගලි බවුසර මගින් ඉවත් කර එම වළ වසා දමන ලෙසයි.

මධ්‍ය පරිසර අධිකාරීයේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් විමසීමට කළුතර නගර සභාවේ ලේකම් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.



අදහස් (0)

කළුතර එම්බාම් හල ඉවතට

බෙන්තර මහේෂ් Tuesday, 08 March 2016 09:56 AM

තවත් සමාජයට වින කරන එම්බාම්හල් කීපයක් තියෙනවා කළුතර. හැබැයි මිනිස්සු ඒ එම්බාම්හල් ගෙදර නොයවා හැම ඡන්දේදීම උඩින්ම පාර්ලිමේන්තු යවනවා.(කෞ)

:       0       0

නන්දලාල් ඩී සිල්වා Tuesday, 08 March 2016 11:19 AM

පරිසරය රැක ගැනීම කාගේත් වගකීමක්. මේවා සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැනුවත් කිරීම අප කාගේත් යුතුකමක්. එවැනි අඩුපාඩු නිවැරදි කිරීම පළාත් පාලන ආයතනවලත්, රජයේත් වැඩක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site