
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ මංගල එදිරිසිංහ)
‘අත්‍යාවශ්‍ය සේවා" යනුවෙන් පුවරුවක් බවුසරයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර මළ අපද්‍රව්‍ය කළු ගඟට බැහැර කිරීමට පැමිණි බවුසර රියදුරා සහ සහායකයා අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
සැකකරුවන් සමග බවුසරය ද පොලිස් බාරයට ගෙන ඇත.
අඟුරුවාතොට මාබුගොඩ උඩු ගම්මන ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයේ බවුසරයක් නවතා මළ අපද්‍රව්‍ය කළු ගඟට බැහැර කිරීමට පුද්ගලයන් දෙදෙනකු සූදානම් වන බවට පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කළුතර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවය කරන බවත් එම ප්‍රදේශයේ විවිධ ආයතන වල මළ අපද්‍රව්‍ය එකතු කර බැහැර කිරීම සඳහා රැගෙන ආ බවට ප්‍රකාශ කර ඇත.
පොලිසිය මගින් සිදු කළ පරීක්ෂණවලදී එම ආයතනය ලියාපදිංචි කළ නොකළ එකක් බවටද අනාවරණ වූ බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුගඟට මළ අපද්‍රව්‍ය දැමු දෙදෙනාට වැඩ වරදී