IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෙහෙළියත් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට  පාර්ලිමේන්තුවේ  නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට අවසරදී තිබුණත්  ඔහු  අද (7)  එම අවස්ථාවට සහභාගී නොවීය.

කතානායකවරයා මේ අවසරයදී ඇත්තේ රඹුක්වැල්ල  මහතාට  පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන  ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුවය.

මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා  කෙහෙළිය  රඹුක්වැල්ල මහතා  පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට  ලිඛිතව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙට (8) සහ අනිද්දා (9) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ  ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කර ඇතැයි පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (6)

කෙහෙළියත් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ

janahitha Wednesday, 07 February 2024 01:34 PM

අපි ඔක්කොම හොරු නිසා ප්‍රශ්නයක් නැහැ.. සහභාගි වෙමු.

:       3       23

ravin Wednesday, 07 February 2024 02:35 PM

අද එය ජනතාවට දෙනවා යැයි කියූ මිනී පෙට්ටිය බලන්න ගියාලු...!

:       1       19

Prabha Wednesday, 07 February 2024 03:26 PM

හොඳටම අසනීපයි කියලා... රෝහලේ ඉන්න එක කොහොමද පාර්ලිමේන්තු ඉන්නේ...

:       1       16

ගමේ එකාලා Wednesday, 07 February 2024 04:59 PM

කකුල කඩාගත්තු කෙනාගේ කකුලේ අමාරුව වැඩිවෙලා දැන් ඇවිද ගන්න බැරුව ඇති..!

:       0       11

අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 08 February 2024 07:05 AM

ඕකව ඉස්සරහ තියා ගත්තා ඇති දැන්. පිටිපස්සෙන් පොඩි පැදුරු කැල්ලක් හරි කාඩ් බොඩ් කැල්ලක් දාලා දෙන්න ඉන්දගන්න

:       0       0

Chadima Thursday, 08 February 2024 07:18 AM

ටිකක් කල් ඔලුව වල්ලේ ගහගෙන ඉන්න කිව්වාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site