IMG-LOGO

’’කොහෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න බෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි යැයිද මහ  පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත් ගමනක් යා යුතුව ඇතැයි ද හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල්  ඇමතිවරයාගේ කතාවෙන් පසුව බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයට තමා ද එකඟ වන බව සඳහන් කළේය.

"රඹුක්කන සිද්ධිය පරීක්ෂා කරන්න  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගොස් තිබෙනවා.වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ. බී රිපෝට් එක ඒ රිපෝට් එක කළා.බී රිපෝට් එකේ නම් කැපුවා.වෙඩි තබන්න කියන්නේ එතන හිටපු ජේෂ්ඨ ම පොලිස් නිලධාරියා.බී රිපෝට්  එකේ ඔහුගේ නම දාන්න ඕන.එතුමා වෙඩි තියන්නට හේතුව පැහැදිලි කළ යුතුයි.එය කිව්වේ නැහැ. ඔක්කොම විනය කඩලා. මේ නියෝග දුන්නේ පිටින් ද?මේ නියෝග දුන්නේ කවුදැයි කියා මෙය ඉවරයක් කරලා දාන්න. මෙය ඇදගෙන යන්න උවමනා නැහැ."යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.



අදහස් (6)

’’කොහෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න බෑ’’

SL Friday, 22 April 2022 02:49 PM

මේ වෙලාවේ මොනවා හරි පිළිවෙලක් ඇතිව කතා කරන එකම මනුස්සයා. හැමෝම හදන්නේ ආණ්ඩු පෙරලන්න. බලය ගන්න. 226ම එකතුවෙලා මේ දක්වා කරපු මගඩි වැඩ නවත්වලා දියුණු වෙන්න රටක් හැටියට තීරණයක් ගන්න පුළුවන්... අවශ්‍යතාව තියෙන අය ඉන්නේ අතේ ඇඟිලි ගානට... හැමෝම එන්නේ බලය අරගෙන හොරාකන්න.. හොරා කෑමේ ප්‍රතිඵල දැන් අපි අත්විඳිනවා. නාමල්ට කියන්න තියෙන්නේ පපුවට අතගහලා හෘද සාක්ෂියට අනුව තමන් හොරකම් කළේ නැහැ කියන්න. හැම ව්‍යාපෘතියකින්ම කොමිස් ඉල්ලපුවා.. තමන්ට දේවල් ගත්තුවා.. තමන්ට දැන් තියෙන දේපළ සියල්ල මතක් කරලා ආවර්ජනයක් කරලා කතා කරන්න කියලා...

:       10       41

GAMUNU Friday, 22 April 2022 04:05 PM

ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකිවා පමණක් නොව රටේ පුරවැසියන්ට බහුතර දේශපාලකයින් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැත. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින බලය සහ තනතුරු වෙනුවෙන් "අපි වෙනුවෙන් අපි" දුෂිත දේශපාලන කණ්ඩායම් සියල්ල ජනතාව විසින් ඉවත් කරනු ඇත. ඒ සඳහා කාලය පැමිණෙමින් තිබේ.

:       0       8

ravin Friday, 22 April 2022 04:47 PM

අපි කියන්නේ ඒකම තමයි. කට්ටියටම ගෙදර යන්න කියලා. ඔය එක්කෙනෙක්වත් නැති විද්වත් මණ්ඩලයක් මගින් රට බාරගන්න කියලා. කිසිම දේශපාලුවෙකුගෙන් අපට වුණු වැඩක් නෑ... ඒකටම තම ජාති, ආගම්, කුල, මල කිසිවකගෙන් තොරව කෙරෙන අරගලය...

:       4       12

Praba Friday, 22 April 2022 06:13 PM

තුන් පාරක් රට ලැබිලත් හොඳටම කරපු මනුස්සයෙක් නේද මේ? මහ බැංකුව හොරා කනකන් උඩ බලාගෙන උන්නු මනුස්සයෙක් නේද මේ දැන් පොර ටෝක් දෙන්නේ. අවුරුදු 73ක් වෙලත්...

:       12       11

Bamunuarachchi Friday, 22 April 2022 06:30 PM

වත්මන් රජයට නොවෙයි පත්වෙන රජකටවත් බැහැ. ප්‍රශ්නය ඩොලර් නැතිකම. ඩොලර් නැතිවෙන්න හේතුවට ඔබ සියලුදෙනාම වගකිව යුතුයි...!

:       14       10

ranjith Friday, 22 April 2022 06:47 PM

මේ රටට කරපු පාවාදීම් තවම මතකයි. ඒක තමයි එකම ආසනයකින්වත් දිනුවේ නැත්තේ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් නැවත රට කන්න හදනවා...

:       16       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site